Monday, September 12, 2011

අප දෙදෙනා නයාට අදු කොල සේද, නයා හා මුගටියා සේද, නයා සහ රෝස් පාන් සේද. නොගැලපෙයි.

12.09.2011

බත් නැති රැයේදී..

නො: 152/12

නයා ගීය වත්ත

කටුනායක.

දයාබර ෂානි නoගී වෙත.

 

2011.09.12 දින සිට ඔබ මාගේ පෙම්වතිය තනතුරෙන් ඉවත් කල බව සතුටින් දන්වා සිටිමි


2011.08.30 දින ඔබගේ ලිපි‍යට ප්‍රකාරව මම මෝඩයාවී ඔබ මාගේ පෙම්වතිය තනතුරට පත් කල බව දෑනුම් දුන්නෙමි. නමුදු ඔබගේ කල්කිරියාව සති දෙකක් ඇතුලතදී නරක අතට පැමිනීම මාගේ අමන්දානන්දයට හේතුවී ඇත එ මක් නිසාද යත් මගේ එක් පෙම්වතියකගේ හෝ පවුල් බර මා වෙත අඩු වීම නිසාය. තවද අප දෙදෙනා නයාට අදු කොල සේද, නයා හා මුගටියා සේද, නයා සහ රෝස් පාන් සේද. නොගැලපෙයි. මා ඔබ මාගේ පෙම්වතිය තනතුරින් ඉවත් කිරීමට පහත කරුනු බලපා ඇති බව කරුනාවෙන් සලකන්න. තවද දින 3 ක් ඇතුලත ඔබ මෙම චෝදනා පත්‍රයට පිලිතුරු සැපයීමට අපොහොසත් උවහොත් සොරිම සොරි බව කාරුනිකව සලකන්න. තවද දින 3 පසු පෙර දැනුම් දීමකින් තොරව ඔබට මා සැපයූ සියලු දීමනා අත් හිටු වන බවද සලකන්න.

 

චෝදනා පහත පරිධි ගොනු කරනු කැමැත්තෙමි

01.  2011.09.01 දින උග්‍ර සමාජවාදියකු වන මා හට ඔලුව ඉදිමුනු ධනවාදියා යැයි ආමන්ත්‍රනය කිරීම සහ මාගේ ප්‍රතිපත්ති විරෝධි ප්‍රකාශ වලින් මාගේ ඉවසීමේ සීමාව ඉක්මවා එලදෙන, සුනක දෙන, රට හරකී යනාදී මහා අසබ්‍ය වචන පිට කරන තත්වයට මා පත් කිරීම.

02.  2011.09.03 දින මාගේ මෝටර්  රථය මාගේ අනුදැනුමින් තොරව රැදී සිටීම සහ එහි කොන්ඩ කට්ට්ක් වට්ටා මාගේ නිවසේ උදවිය මා හා උරන කිරීමට ව්‍යOග දායකත්වයක් ලබා දීම.

03.  2002O17 දරන පෙම්වතුන්ගේ පනතට අනුකූලව ද්වේශ සහගතව පලා යෑම හා තෝ මරන බවට මා හට මරන තර්ජනය කිරීම සහ මන්නය මා වෙත අමෝරා ඒ වචනය ස්තිර කිරීම.

04.  මාගේ කිසිදු අවසරයකින් තොරව මව සමග කුලුපග වීමට උත්සාහ කිරීම. (තවද මාගේ ම්ව්තුමිය හොදම මීටරයක් බව දැන දැන ඇය සමග කුලුපග වීමට යෑම කොහෙත්ම අනුමත කල නොහැකි අතර එය මාගේ පවුල් ජීවිත‍යට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමකි.)

05.  මාගේ නිදහස අහුරන පරිධි ඔබගේ තොල් අලේපන වලින් මාගේ කමිසය සැරසීමට යෑම හා එය මාගේ මවට හසු වන පරිධි මා චුම්බනය කිරීම. (මෙය සම්බ්න්දය නැවැත්වීමට ආසන්නම හේතුව බව කරුනිකව සලක්න්න.

මේ කාරනා සලකා බලන විට ඔබහා මා ප්‍රේම සම්බන්දයක් පවත්වාගෙන යෑම අතින් පාඩුය. ඉතා කුජීතය, ශෝකාකූලය, අවක්නා සහගතය, ඉතා පිලිකුල්ය. එබැවින් මා ඔබ හැර දමා වන ගත වීමට තීරනය කෙලෙමි. මාගේ දුරකතන අOකය විසන්දි කරන අතර වනයේදී පාවිච්චි කිරීමට නොහැකි බවද කාරුනිකව සලකන්න. තවද ඔබට ඉතා සුරතල්, කොල්ලකු ලැබේවායි පතමි

මීට ශෝක‍යට හා සOතෝස‍යට පත්

ඔබේ කීකරු ආදරවන්තයා

 

.....................

ගුනේ අය්යා.

1 comment: