Monday, October 24, 2011

මේකිට දැම්මම බබෙකුත් හම්බ වෙලාද?


පහුගිය සතියේ ග්‍රීස් යක්කු පිස්සු යක්කු කරදර නොකරපු නිසා මෙලෝ රහක් නෑ මව් තුමිය ගෙදරින් එලියට බහින්න දෙන්නෙත් නෑ අම්මපා ගුනේ අය්යව ගෙදර තියාගෙන ගෙදරට නාකි කොරන්නද කොහෙද උන්දැගේ කල්පනාව. ඔහොම හපන් කම් මෝ කම් එක්ක මනෝ පාරක් ගහ ගහ ඉන්න කොට අල්ලපු ගෙදර අක්කා එනවා බීඩියක් ගහගෙන සමාවෙන්න ලොකු පාර්සලයක් ඔතාගෙන අම්මපා ඒක බරයි. වගේ ඇයි අක්කේ බරටම උස්සගෙන නOගිවත් කොටහලු උනාද? ගුනේ අය්යා ඇහුවා නෙමේ ඇහුනා. අනේ නෑ මල්ලි මේ ලකී බබාට උන හැදිලා අනේ මේකිට දැම්මම බබෙකුත් හම්බ වෙලාද? අපි දන්නෙත් නෑනේ එහෙම හිතලා ලකී බබාගේ ජාතෙ ජාතකේ හොයන්නේ නැතුව ඉතින් මම මොකද කරන්නේ කියලා ඇහුවා.. අනේ මල්ලි බබාට බේත් ටිකක් ගේන්න යන්ද? බලහල්ලකෝ අපිට වෙන වැඩ අල්ලපු ගෙදර වැඩ වලට අපි වග කියන්න... අනේ අම්මපා මුන්ට ලැජ්ජා නැති හැටි ලැජ්ජා නැති වැඩ කරලා තව මගේ කන්‍යාබාවයත් නැති කරන්න එනවා. ගුනේ අය්යා කිව්වා නෙමේ හිතුවා... ඈ. කොහොම කොහොම හරි ගුනේ අය්යත් ඉතින් ලෑස්ති උනා.. අනේ මල්ලි ලකී බබාට සහ ලෝලා උන මෙයාව පොඩ්ක් වඩා ගන්නෙ කියලා අතේ තිබුන පාර්සලය අතට දුන්නා. හානේ හරී හුරතල් කියලා ගුනේ අය්යත් ලකී බබාගේ නහය මිරිකුවා විතරයි. ලකී බබා බුහ් බුහ් කියලා බුරන්න පටන් ගත්තා... ඉදකින් මේ ගෑනි ලකී බබා කියලා වඩාගෙන පාර්සල් කරගෙන අරගෙන ඇවිත් තියෙන්නේ ගෙදර ඉන්න වල්ටේෂන් වලට ඉමිටේෂන් දාලා හදපු පර බල්ලාව...තූ නොදකින් මටත් ගෙරි බල්ලෝ වඩාගෙන පාරේ චාටර් කන්න තරම් පවක් කරලා කරවපු මේ ගෑනිව කොටියම කාපිය කියලා හිතාගෙන ගුනේ අය්යා ගියා මග දිගට හැමෝම අහන්නේ ගුනේ උබ බැන්දද කියලා කීචෝක් එකට, අනේ උබේ බබාද ඔය කියලා උබේ කපාපු පලුව කියලා ඒ වෙලාවට තමයි හිතෙන්නේ මේ ගෑනිගේ පලුවක් කපලා හිරේට යන්න.. මොන නවනින්ගිරාවක්ද ගුනේ අය්යා එහෙම තැන තැන පච වෙලා තියනවද? ඔහොම ටික දුරක් යන කොට හීනියට බටේකින් වතුර විදිනවා වගේ තේරුනා ටිකක් සුවදායකයි. මේ පෙරේත බල්ලා මෙන්න ඇගේ චූකරලා. මුගේ අහවල් එක කපන්න එපැයි. යකෝ මO වැඩිමල් කියලවත් හිතුවද? මූ නම් අසීලාචාර තුච්ච, පෙරේත හිවල් මොටක්... කොහොම කොහොම හරී අපි ගියා පශු වෙද මහාතා ගාවට ගිහින් ලෙඩේ කිව්වා ලකියාත් ඩොකා ගාවට ගියාම බබා වෙන්න යනවා ඊට දෙවෙනි නැ අක්කා ඒකී හරියට බබාගේ බබා වගේ අනේ අම්මපා මේ ලකියවා හදා ගන්න වෙන්නේ නෑ ඒ කෝලO වලට කොහොම හරී පසු පාද‍ය උස්සලා ලොකු ඉන්ජක්ෂන් එකක් විදපු ඩොකා අOකලුත් ඔතලා දුන්නේ නැතැ මේ හිවල් මොටාව මගේ අතට හරියට මම උගේ මහ එකා වගේ... අම්මපා මුගේ හත්මුතු පරම්පරාවටම මේවා පල දෙන්න ඔන මට කියලා බල්ලෝ වඩා ගත්තට. ඒ කත් ඉවරයි කියමුකෝ දැන් අපි ගෙදර එනවා පාරේ බල්ලෝ බුරනවා මේ මල කෝලO දැකලා ( ඒක බල්ලෙක් ගුනේ අය්යට කියනවත් ඇහුනා අර බල්ලව වඩාගෙන යන යෝදයට නම් පිස්සු කියලා බලහල්ලකෝ බල්ලO ගෙනුත් පදිරි වෙන්න වෙලා ) කොහොම හරි ටික දුරක් යන කොට පාරේ බල්ලෙක් ඉදලා බුරාගෙන පැන්නේ නැතෑ ලකියගේ ඇගට ලකියත් නැට්ට පස්චාත්බාගයේ ගහගෙන ආරක්ෂාකාරී පියවරක් අරගෙන දිව්වා නේද? හතර අතේ අනේ ගුනේ ඉවරෝයි.. බල්ලා ගුනේ අය්යව පතුරු ගහලා මෙන්න මෙහෙම කිව්වා අහක යන බල්ලෝ රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා කියල.. අම්මෝ තාම දනවෝ