Tuesday, October 25, 2011

මිනිබිරීට ආච්චි වැහුනා

මේක එක උදාහරනයක් ආගමික සිද්දස්තාන වලට නොයන අයට.... අපේ පැත්තේ හිටියා නැන්දා කෙනෙක් එයා පවු වැඩ කිසිම දෙයක් කලේ නෑ.... හැබැයි එයා පන්සල් ගියේ නෑ. මෙයා මැරුනා ඉපදුනේ පෙරේතියක් වෙලා... අනේ දැන් ඉන්න මිනිස්සුන්ටත් කරදරයි. ආච්චි වැහුනා මිනිබිරීට ගෙදර උදවිය දන්න තොවිල් පවිල් කලා හරි ගියේ නෑ පන්සල් එක්කගෙන යන්න හැදුවාම බෑම කියනව. ගේ වටේම දුවනවා ආච්චිගේ කට හඩින් කතා කර කර බැරිම තැන හාමුදුරුවෝ ගෙදර ආවා. ඇවිත් ඇහුවා මේ කවුද? ඇගට රිOගලා ඉන්නේ කියලා. මේ දරුවගේ ආච්චි කියලා කිව්වා ඊට පස්සේ ඇහුවා කොහෙද ඉන්නේ. කියලා. උත්තරේ ලැබුනේ පෙරේතියක් වෙලා කන්න බොන්න නෑ. මේ ලමයගේ බඩ වැලේ එල්ලිලා ලේ බොනවා කියලා. මෙකක්ද පෙරේතියක් වෙන්න හේතුව කියලා ඇහුවාම දුන්න උත්තරේ තමයි. මම පොඩි කාලේ ගාතාවක් වැරදුනාම හාමුදුරුවෝ බැන්නා ඉතින් මම මැරෙනකම් පන්සල් ගියේ නෑ කියලා. දැන් යන්න කිව්වහම මට යන්න තැනක් නෑ කියලා කිව්වා  පස්සේ හාමුදුරුවෝ පිරිත් කියලා වේවැලකින් එහෙම ගහලා. බෝධි පූජා 21 තියලා ලොකු දානයක් දෙනවා කියලා. මේ ආච්චිව පොරොන්දු කර ගත්තා පන්සලේ බෝධිය ගාවට යන්න එතනදි වෙන උදවිය කරන් පින්කම් බලලා පින් සිද්ද කරගන්න පුලුවනී. නමුත් බොරුවට හා කියපු ආච්චි ඒ වෙලාවේ යන්න ගියාට ඇගෙන් පිටට ගියේ නෑ.. බලන්න පින් ගන්නවත් පින් නැති හැටි සතියක් විතර නිශ්සබ්දව හිටපු ආච්චි නැවත වැහුනා. මිනිබිරියත්  බෝධි පූජාවට පන්සල් යන්න බෑ කිව්වා. ඉතින් ආය විකාර වැඩ කරන්න පටන් ගත්තු නිසා හාමුදුරුවන්ව ගෙන්නලා මේ ආච්චිව බැන්දුවා ආච්චිට තව අවුරුදු දහස් මනුස්ස ආත්මයක් ලබන්න බෑ. කොහොමද පන්සල් නොගිය අකුසලය පල දුන්න ආකාරය. බලන්න යාලුවනේ මේ පොඩි උදාහරනයක් විතරයි. තව ඕනෑ තරම් උදාහරන ඇත.

ප.ලි :-
මෙය මා පුද්ගලිකව ලැබූ අත් දැකීමකි... මේ කතාව නිසා එක් පාථකයකු හෝ සන්සාරය පිලිබද යථා අවබොදය ලබා ගැනීමට උත්සාහ කරයි නම් ඉන් ජනනය වන කුසල ශක්තීන්  2011.08.01 දින මිය ගිය මාගේ පියානන් වහන්සේට නිවන් සුව ලැබීමට. හේතු වාසනා වේවා..

නිතින් මෙත් සිතින් මම වෙසෙම්වා
ගතින් මෙන් සිතින් රෝ මුදම්වා
බැතින් තුන් රුවන් ඔප් නගම්වා
මෙතින් නෙත් පියෙම්වා නිවෙම්වා..

ඔබට නිවන් සුව...

8 comments:

පිස්සා පලාමල්ල said...

අනේ මන්ද බන්... ඔය වැහෙන ඒව නම් මම පිලිගන්නෙ නෑ වැඩියම....

ඔබේ පියාට නිවන් සුව ලැබේවායි පතනවා...

නදී said...

ඔබේ පියාට නිවන්සුව පතනව!!!

ඔය වැහෙනව කියන දෙවල් නම් මමත් පිලිගන්නෙ නෑ.ඔය හා සම්බන්දව ලිපිපෙළක් යනව සතිඅන්ත ඉරිදා ලංකාදීප පත්තරේ පොඩ්ඩක් බලන්න කියවලා.

Unknown said...

මේක මම අත්දැක්ක දෙයක්... බොරුවක් නෙම්......

ashen malinda said...

මනො විද්යාවට අනුව බුත ආත්ම කියලා දෙයක් නැතිලු... එක දුර්වල පොර්ශයක් ඇති විට අපෙ හිතෙ ඇතිවන අපි විසින්ම කර ගන්න දෙයක් ලු... මන් නම් මෙවා ගැන මද්යස්ත මට්ටමෙ ඉන්නෙ

ඔබ නොදු‍ටු ලොවක්..... said...

අනේ ඔය කතා ඇත්තද...මම දන්නේ නැති නිසා අහන්නේ ...

Dayal Bathee said...

කියෙව්ව, ඕවගෙ ඒව ලංකාවේන් විතරක් වාර්තා වෙන්නෙ ඇයි

Unknown said...

මනෝ විද්‍යාව අනුව හිතට හිතලා ඔන දෙයක් මවා ගන්න පුලුවන් කියන කතාව මමත් විස්වාස කරනවා.. ඒක දියුනු කරලා තම්යි ධනාත්මක චින්තනය හදලා තියෙන්නේ. බූතයෝ පෙරේතයෝ ගැන ලෝකේ පර්යේෂන කරනව ඩිස්කවරි චැනල් එකේ පවා වෙන්වනවා... සාස්තරේ උනත් කියන්නේ අමනුෂයන් මාර්ගයෙන්... හැබැයි හොද නැත්තේ හිතේ වැරදි චර්යා රටා ඇති කර ගැනීම... හොද පොතක් තියනවා බලන්න අතීත ජන්ම මේකේ සාදාරනීය කරනකරන පොතක් නෙමේ හැබැයි ... ගැබුරින් විස්ලේෂනය කරනවා ... ස්වාදීනව...පුලුවන් නම් කියවන්න... මේ කතාව බොරු නෙමේ... මනස දුර්වල උනාම අමනුස්සයන්ට ක්‍රියාත්මක වෙන්න පුලුවන්...

චතුර විජේකෝන් said...

ඔබේ පියාට නිවන් අවබෝධය ලැබීමට හැකිවේවා..

මනස දුර්වල වුණාම පෙරේතයන් වැහෙනවා කියන්නේ මානසික තත්වයක් කියලා තමයි මටත් හිතෙන්නේ.. මං බූත ආත්ම ප්‍රතික්ෂේප කරන්නේ නම් නෑ.. හැබැයි එයාලා ට මිනිස් ශරීර වලට ඇතුළු වෙන්න තියෙන හැකියාව ගැන නම් විශ්වාසයක් නෑ..

පන්සල් ගියේ නෑ කියලා භූතාත්මයක් ලැබෙනවා නම් අන්‍යාගමිකයෝ ඔක්කෝටම අබ සරණයි..

කුසල් දමෙහි හැසිරී, අකුසලින් මිදී, සිත පහදවා ගැනීම තමයි වැදගත්..

හිතේ තියෙන දේ එළියට දාන එක හරි වැදගත්.. එතකොට නේ සාකඡ්ඡාවට බඳුන් කරන්න පුළුවන්..