Wednesday, November 30, 2011

බිම්බරක් වගේ ...... බරක්......... පටවි, ආපෝ, තේජෝ,............ වායෝ

 
විෂ්වයේ මූල පදාර්ත විද්‍යානුකූල විවරනයක යෙදෙනවා නම් ඝන, ද්‍රව, වායු ලෙස බෙදා දැක්විය හැක. ඒවා මූල ද්‍රව්‍ය ලෙස හැදින්වෙන අතර විෂ්වයේ පැවැත්මක් ඇති නැති සියල්ලම මේ මූල ද්‍රව්‍ය නැතහොත් මූලික ද්‍රව්‍ය වලින් නිර්මාපක බව විද්‍යාක්නයන්ගේ මතයයි. එය හුදු ඇස, කන, නාසය, දිව, ශරීරය යන පOච ඉන්දිරියන්ට ගෝචර වන්නාවූ සීමාවේ සිට කරන ලද්දක් බව අපට පැහැදිලිය. නමුත් අප පරමාර්ථ සත්‍ය ලෙස සලකා බලන විට මේ සියලු දෑ පටවි, ආපෝ, තේජෝ, වායෝ යන පදාර්ථ සතර එක්වී නිර්මානය වී ඇති බව පැහැදිලිය.

පට්වි    - තද ගතිය
ආපෝ - ද්‍රව ගතිය
තේජෝ- උනුසුම් සීතල ගතිය
වායෝ  - වායුමය ස්වබාවය

මෙලෙස පදාර්ත සතර එකතුවී මේ සරුසාර මිනිසා හෝ නිස්සාර මිනිසා බිහිවී ඇත. වින්නානය( මහා අද්‍යාත්මය ) මේ මූල දර්මයන් හා ගැටීමෙන් මිනිසා ක්‍රියාශිලී වී ඇත. යම් දිනක මේවා නිරුද්ධ වීමෙන් මිනිසා මරනයට පත්වූ බව අපට හැගෙන අතර අප පුද්ගලයා මිය ගියා යන සත්‍ය පිලිගන්නා නමුත් මූල පදාර්ථයන් මූල පදාර්ථයන් හා එක්වීම එකවර හදුනා නොගනී. මේ අවිද්‍යාව නැතිනම් මුලාව කරන කොට ගෙන ඇති වන්නාවු තත්වයකි. එනම් ඇත්ත ඇති සැටියෙන් දැකීමට අප තුල පවත්නා නොකමැත්ත හෝ අවිද්‍යාව යන්න මාගේ හැගීමයි.


සරල ලෙස පවසනවා නම් මේ කය අපගේ ආත්මාථකාමී අවශ්‍යතාවයක් සදහා ස්වභාව දර්මයා ඇති කල දෙයක් නොවන බවත් එය සමාජයේ යහපත උදෙසා යෙදවිය යුතු යානාවක් බව අපට පැහැදිලි කර ගත යුතු බව මාගේ හැගීමයි. ඒ මේ මිනිසා මහා නිර්මානය ස්වභාව දර්මයා බිහිකල හේතුව ඉටු කිරීමට මිනිසා බැදී සීටී. ඒ ලොවම සුන්දර කරන සුන්දර මිනිසකු ලෙස ජීවත් වීමයි.


ප.ළි:- ජීවිතයේ ශුනයතාවය පාඨකයෝ වටහා ගනිත්වා. කුසලට නොපමා වෙත්වා... ඔබට තෙරුවන් සරන

3 comments:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

එකපාරටම මේ මොකෝ උනේ...සාදු සාදු සා.....

Anonymous said...

Sadhu sadhu sadhu!!

Anonymous said...

මේ වෛද්‍ය සනත්දේව මුරුතැන්ගේ මහතා වත්ද? 🤔