Monday, March 12, 2012

මහ සෙවලයා ඌ හදන්නේ අපේ සම්බන්දය නතර කරලා. ඔයාව මගෙන් උදුර ගන්න.

ආදරනීය සුදු නoගී වෙත ඉතාම ආදරයෙන් ලියමි. ඉතින් සුදු පැටියෝ සැප සනීප කොහොමද? මම නම් ඔයා ගැන සිතමින් කාලය ගත කරනවා. නoගි ඇයි ඔයා ඊයේ ස්කෝලේ ආවේ නැත්තෙ මම හරි පාලුවෙන් හිටියේ ඔයා නැති පාලුව නිසා මම ඊයේ දවල්ට කෑවෙත් නෑ රෑට කෑවෙත් නෑ. වතුර බිව්වෙත් නෑ.. මට ඔයා දකින් නැතුව එක මොහොතක් වත් මේ ලෝකේ ඉන්න බෑ. මට හිතෙන්නේ මේ ලෝකේ මවපු කෙනා ඔයාව මවලා තියෙන්නේ මටමයි කියලා. මට ඔයාව දකින් නැතුව එක මොහොතක් වත් ඉන්න බෑ... ඒකයි මේ වෙදනාව මට දරා ගන්න බැරි.. නoගී මට අට වසරේ අර සුපුන් කියන ප්‍රිපෙට් කාරයා කියනවා මේ සම්බන්දය නතර කලේ නැත්නම් ඌ මේක ප්‍රින්සිපල්ට කියනවා කියලා. ඌ මහ සෙවලයා ඌ හදන්නේ අපේ සම්බන්දය නතර කරලා. ඔයාව මගෙන් උදුර ගන්න. ඔයා උගේ ගැට වලට අහු වෙන්න එපා ඌ මහ නරක කෙනෙක් කියලා මට ආරන්චියි. මට ඒ ගැන හිතත්දිත් බය හිතෙනවා. අපේ ආදරය ඇත්ත නම් කාටවත් අපිව පරාද කරන්න බෑ..
නoගී මට ආසයි ඔයාව අතින් අල්ලගෙන ස්කෝලේ පිච්ච මල් ගහ වටේ කැරකි කැරකි හින්දි සින්දුවක් කිය කිය නටන්න. එතකොට අපි දෙන්න ප්‍රියන්කා නැන්දා රිතික් මාමාත් එක්ක නටනවා වගේ ෂෝක් එකට තියෙයි නේද? මම අපේ අම්මිටත් වැඩියේ ගොඩක් ඔයාට ආදරෙයි..මම ඔයාට දුන්න ලේන්සුව ඔයා අරන් ස්කෝලේ එනකොට මට පුදුම සතුටක් දැනෙනවා. ඔයා හතර වසරෙන් පහ වසරට පාස් උනාම මම හරියට සතුටු උනා. දැන් ඉතින් ශිෂ්‍යත්වෙට ලෑස්ති වෙන්න ඔයා ශිෂ්‍යත්වෙ පාස් උනොත් මම ඔයාට පෑනක් අරන් දෙන්නම් දැන් හොද බබා වගේ පාඩම් කරන්න. අපේ අම්මිත් දැන් ගෙදර එන වෙලාව. මම නවතිමි
මම ඔයාව ගොඩක් ආදරය කරන




........................
නිපුන් අය්යා

සැ. ‍යු:-යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... ඇඩිස් මයි ඇඩිස් කියන තැනට යටින් ඇති..

මෙන්න ලින්ක් එක

බොහෙම ස්තුතියි
ගුනේ අය්යා 

No comments: