Tuesday, February 28, 2012

පුතා දැන් රී ගන්න හරි එහෙනම් ගා ගන්න...

 
එදා ලoකා නුවර රාජපක්ෂ නම් රජෙක් රාජ්‍ය පාලනය කරන කල්හි කටුනායක නම් නියම් ගමෙහි ඇන්ටන් නම් බ්‍රාහ්මන වන්ශික කෙලෙඹි පුත්‍රයෙකුට සුජාතව ජාතකව සුවර්න නම් පුත් රුවනක් වාසය කලේය ඌ තුමූ කාලවර්නය මනා රූ සපුවෙන් ආඩ්‍ය වූවේයෑ හේ ඉහෙන් කනින් වැඩෙත්ම ශිල්ප පිපාසය සන්සිදුවා ගැනීම සදහා මෙකල පරසිදුවූ මහා ආස්චර්‍ය ඇති මහා ගාන්දර්ව පoචසිකයා වෙත යැවීමට ඇන්ටන් කෙලෙබියා තීරනය කලේයෑ...මේ සමග නා නා විද පඩුරු පාක්කුඩම්ද මල් මාලා ගන්ද විලේපනදියද, ශිල්ප හැදෑරීමට අවශ්‍ය නොයෙක් නොයෙක් ඩරම්ස්, ගිටර්ස්, බොන්ගෝ, වීනා, සැක්සපෝන් ද රැගෙන පන්චසික වෙත ගියේයෑ...
සුවර්න පුත්‍රයාද පන්චසිකයාගේද දෙපා නැමැද තමා ආ කාරනාව නොවලහා දැන්වීය...

පoචසිකයාද තම වීනාව අතට ගෙන  සිසුවාගේ දැනුම පරික්ෂා කරනු වස් කැමති වාද්‍ය බාන්ඩයක් ගෙන රී... ගනු යැයි කීවේය...
කීකරු සුවර්න පුත්‍ර තෙමෙද ගුරු ගවුරවය නිසාම රී... ගත්තේය..
හරි එහෙම නම් දැන් ගා ගනු යැයි පැවසීය... ගුරු ගවුරවය නිසාම හේ ගාද ගත්තේය...
අවට මනා සුවදක් වහනය වෙනු දැන පන්චසිකයා මදක් සැලී ගියේය ... සුවර්නයා කහ පාට යමක් ගාගෙන සිටිනු දක්නට ලැබින... (බලන්නකෝ මේ යකා ඇග පුරාම කක්කා ගාගෙනනේ...)
සුවර්න පුත්‍රයාගේ සහකම්පන ගුනය ගැන සැලකූ පoචසිකයා හේ නොවලහා කටුනායක බලා පිටත් කලේලු...


ස, රි, ග, ම, ප, ද, නි.....

සැ. ‍යු:-
යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... ඇඩිස් මයි ඇඩිස් කියන තැනට යටින් ඇති..

මෙන්න ලින්ක් එක

බොහෙම ස්තුතියි
ගුනේ අය්යා 




4 comments:

හිතහොඳ පිස්සා said...

පට්ට කතාව. :))))))

වර්ණා said...

හැක හැක හැක

Anonymous said...

කෙළෙඹි පුත්‍රයා ගෙදර යැවීමට පෙර මේ සංගීත ඛණ්ඩයත් කියලා දුන්නාලු. "සනි මා මා මග රි රී පා ග පා ග ගා ගනී"

Anonymous said...

niyama kathawa.mewage katha thawa liyanna gune aiyata nuwana pahala wewa.apeeee gune aiyata budu saranaii...patta pata pata