Monday, March 5, 2012

මම ගෙදරට ජොකා පිටින් ඉදීමට තීරනය කලෙමි..





2012.01.28
පරිපාලන කලමනාකාරතුමා
හිගා කන්නන්ගේ (ප්රයිවටි ) ලිමිටඩ්.
O: 232
කොලඹ

ගරු මහත්මයානෙනි.

මාසික සන්තොසම් මුදල වැටුපක් කර ගැනීම සදහා...
ප්රථමයෙන්ම මා ඔබට හා ආයතනයට ලිඛිතව බැදී කට්යුතු කිරීම සම්බන්දයෙන් දැනට ලබා දෙන සන්තෝසම් මුදල (ටිප් එක ) ගැන මාගේ හද පිරි කෘතක්නතාව පුද කර සිටිනවා. මක් නිසාදයත් රටේ දැවෙන ආර්ථික ප්රෂ්න හමුවේ මේ මුදල හෝ ලබාදී අප සුකිත මුදිත කිරිමට ඔබ ආයතනය ගන්නා  අවO උත්සාහය නිසාමය..
නමුත් මෑතක සිට මේ මුදලද හොද කලමනාකරුවකු වන මා හට කලමනාකරනය කර ගැනීමට නොහැකි වී ඇති බව ඉතා කනගාටුවෙන් ප්රකාෂ කිරීමට කැමැත්තෙමි. තවද මේ මාගේ වරද නිසා නොවන බව ඉදුරාම ප්රකාෂ කිරීමට කැමැත්තෙමි..මක්නිසාදයත් රටේ පවතින ආර්ථික වාතාවරනය හමුවේ භාන්ඩ හා සේවා වල මිල දැරිය නොහැකි තරමට ඉහල ගිය බැවිනී.
ඒවා පහත පරිදි දක්වනු කැමැත්තෙමි.

01. විදුලි බිල 40% වාර්ථාගත වර්දනයක් සිදුවූ අතර මේ නිසා නිවසේ විදුලි Oකාව, හීටරය, යනාදී විදුලි උපකරන වල අනවෂ් විදුලි බාවිතාව අවම කලෙමි...
02. අපහසුවෙන් උවද සතියට දෙවරක් පමනක් ස්නානය සදහා ගෙදර සාමාජිකයන් කැමති කර ගැනීමට එකග කර ගත්තෙමි.. මේ මගි මෝටරය මගින් සිදුවන විදුලි අයතා භාවිතාව අවම කලෙමි..
03. ඉන්දන මිල ඉහල යාමට එරෙහිව දිනකට කිලෝ මීටර් 5 ක් දක්වා පයින් ඇවිද යාමට තීරනය කලෙමි..
04. රෙදි පිලි ඉහල යාමේ ප්රශ්නයට එරෙහිව ගෙදරට ජොකා පිටින් ඉදීමට තීරනය කලෙමි.. තවත් ප්රෂ්නය උග් උවහොත් ඒකත් ඇදීමට නොහැකි වනු ඇත..
05. සහල් මිල පොල් මිල , තෙල් මිල පාලනය කිරීම සදහා අදාල දෑ පරිබෝජනය 10% අඩු කිරීමට තීරනය කලෙමි..

නමුත් ඉතාම දුක්ක දායක තත්වය නම් මෙලෙස වියදම් කපා හැරීමෙන් පසුව උවද ජීවත්වීම ඉතා අපහසුතාවයට පත්වී ඇත. එබැවින් කරුනාකර වැටුප් වර්දකයක් හෝ පඩියෙන් අඩුකර ගැනීමේ පදනම මත වස කුප්පියක් හෝ  ලබාදීම අගය කොට සලකමි. ඔබ විසින් දෙවන යෝජනාව සදහා කටයුතු කරන්නේ නම් එය ස්තරම්ම වර්ගයේ මැහිතෙල් කුප්පියක් ලබා දීමට කටයුතු කරන්න. මක්නිසාදයත් එකවර මිය නොගිය හොත් රෝහල් ගත වීම සදහා මේ මස කිසිදු මුදලක් වෙන් කර නොමැති බැවිනි..

ස්තුතියි..

..................
ගුනේ අය්යා


සැ. ‍යු:-
යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... 


මෙන්න ලින්ක් එක

ලින්ක් එකට යන්න මෙතන කොටන්න


බොහෙම ස්තුතියි
ගුනේ අය්යා   

7 comments:

Anonymous said...

තව ටික දවසකින් ජොකත් නැතුව තමා බං ඉන්න වෙන්නේ.. පට්ට පෝස්ට් එක.. උඹට ජය.!

neel said...

පළමු පැමිනීම අද...කාටත් ඒටික තමයි කරන්න වෙන්නේ.

neel said...

පළමු පැමිනීම අද...කාටත් ඒටික තමයි කරන්න වෙන්නේ.

Unknown said...

අපේ වැටුප් වර්දකය ලැබුනේ නෑ මේ අවුරුද්දට...මට හිතුනා බ්ලොග් එකට ලියන්න...මට ප්‍රෂ්නයක් නෑ නමුත් අපේ අනිත් අයට දැනෙනවා මේ කාරනාව ඉතින් මම බ්ලොග් එකට ලිව්වා...

මාධව විදුරංග said...

කව්ද බං කියන්නේ! ජොක්කුත් පට්ට ගණන්! උඹට කෙහෙල් කොළයක් වත් පටලන් තමයි ඉන්න වෙන්නේ ඕං!

Nishan de siva said...

ගෙදරට නම් ජෝක්කුත් ඕන නැහැ

Dude said...

කිව්වත් වගේ ජොක්කුත් ගනං තමයි ගුනේ. තව දත් මැදිල්ල නැවැත්තුවොත් සෑහෙන ගානක් ඉතුරුයි. එතකොට ටොයිලට් එක ෆ්ලෂ් කරන්න ඕනෙ කට්තියම ගියාට පස්සෙ එක පාරින්. චූ කරලා ෆ්ලෂ් කරන එක හෙන අපරාදයක්. පිරිමි කට්ටිය වත්තෙ ගස් වලට ඇල්ලුවා නම් හරි.

henryblogwalker the Dude