Wednesday, March 7, 2012

පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම.



පස්චාත් බාගය ඉරා ගැනීම නොහොත් XXX ඉරා ගැනීම.
මේ කතාවත් අපේ ඔඩිට් කතාවක් දැනටමත් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ පුබ්බා ගැන මේ පුබ්බා ඉරා ගත්ත තවත් අවස්ථාවක් මේ හිවල් මොටත් නා ගන්නවා කියන එකේ සීමාවක් නෑ.. මේත් ඉතින් පුබ්බා ෂැම්පු ගාලා නාගත්ත තවත් රසබර ස්ටෝරි එකක්. ඔන්න අපේ ඔඩිට් ෆර්ම් එක ලොක්කා තමා රත්නපාල මහත්තයා හරි හොද මනුස්සයා උනාට ලිවු ගැනිලි නම් බොරු මොකද නිවාඩු දානවට මෙයා වැඩියේ කැමති නෑ.. ලමයි මේ රත්නපාල මහත්තයව හදුන්වපු කෙටි නම තමා රැට් නැත්නම් රැටා ඉතින් මේ නම ලමයි අතර හරි ජනප්රියයි.. අද මම රැට්ව හම්බ වෙන්න යනවා. මට රැටාට කියලා ලිවු එකක් ගන්න ඕනේ.. වගේ කතා ලමයින්ගේ කටවල් වලින් පිට වෙනවා..
ඉතින් පුබ්බටත් ලිවු එකක් ගන්න ඕන වෙලා පුබ්බා ඔපිස් එකෙන් පිට ඔඩිට් එකක මෙයාට ඕන උනා මිස්ට රත්නපාලගේ මූඩ් එක ලිවු එකක් ගැනීම සදහා සුදුසුද කියලා දැන ගන්න. පුබ්බා ගත්තා කෝල් එකක් ඔපිස් එකට ඇහිල්ලක් බැලිල්ලක් නෑ ඇහුවා මචO රැට්ගේ මූඩ් එක කොහොමද කියලා. අනිත් පැත්තෙනුත් හිනා වෙලා නෑ කිසිම ප්රෂ්නයක් නෑ මූඩ් එක හොදයි කියලා කිව්වලු..
කිසි ප්රෂ්නයක් නෑ පුබ්බා ගියා ඔපිස් එකට ලිවු චිට් එකත් ලියාගෙන ගියා රත්නපාල මහත්තයව හබ්බ වෙන්න ලිවු චිට් එක අතට ගත්තු රත්නපාල මහත්තයා ඇහුවලු පුබුදු රැට් කියන්නේ කාටද කියලා.. පුබ්බට හීන් දාඩිය, හීනියට දැම්මලුනෑ මේ කෙනෙක් මගෙන් ඇහුවා රැට්ගේ මූඩ් හොදද කියලා මම කිව්වා ඔවු කියලා කියලා රත්නපාල මහත්තයා කිව්වලු..
කලබල වෙච්ච පුබ්බා ඇහුවලු අප්පට හුඩු මිස්ට රත්නපාලද කියලා... ඔන්න ඔහොම තමා පුබ්බා පස්චාත් බාගය ඉරා ගත්තේ පැනලා දීලා..    


සැ. ‍යු:-යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ. නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... ඇඩිස් මයි ඇඩිස් කියන තැනට යටින් ඇති..

මෙන්න ලින්ක් එක


බොහෙම ස්තුතියි
ගුනේ අය්යා 
  

3 comments:

Dude said...

මාර ටින්කිරි පාර.
ඒක නෙවයි ගුණේ. වරදවා තේරුම් ගන්නෙ නැතිනම් පොඩි දේවල් දෙකක් තියෙනවා කියන්න. එකක් තමයි අර හැම පෝස්ට් එකක්ම අගට දාන "සැ. ‍යු:-යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ...." කියන ඇඩ් එක. මට හිතෙන්නෙ ඒක එච්චර හරි නෑ කියලයි. ඒක ඔය සයිඩ් බාර් එකක දැම්මනම් හරි නමුත් rephrase කරන්න අර " වෙබ් ලින්ක් එකත් මගේ තවම ඒක ජනප්‍රිය නෑ". කියන කොටස අයින් කරලා. ඒක තමන්ම තමන් කන්ඩෙම් කර ගැනීමක් වගෙ.

අනිත් එක මේ කමෙන්ට් පෝස්ට් එකට යටින් embed කරමුකො වෙන වින්ඩෝ එක ඇරෙන්නෙ නැතුව. සෙටිංස් වලින් හැදුවකි.

ගුණේට පුලුවන් මේ කමෙන්ට් එක හොඳ නැත්නම් ඩිලීට් කරන්න.

henryblogwalker the Dude

දම්මි said...

අහෝ පුබ්බට වුනු විපත :P

Unknown said...

යෝජනා වලට තෑන්ක්ස්.. නමුත් ඉන්ග්ලිෂ් වෙබ් එකක් ලOකාවේ ජනප්‍රිය කර ගන්න එක ලේසි නෑ....මගේ බොලොග්ස් 5 ක් තියනවා.. ගුනේ සහ අයි ටී මෑන් විතරයි ජනප්‍රිය...
බලන්නකෝ

http://faceact.blogspot.com
http://pachagune.blogspot.com
http://nethraramaya.blogspot.com
http://blogslt.blogspot.com
http://faceacttive.blogspot.com