Friday, June 24, 2011

මදුරුවා... සහ පාපතරයා


මදුරුවා වනාහී අපට ඉතාමත් ප්රයෝජන සහිත සත්වයෙකි. තම සියුම් හොටෙන් අපට අනවශ් රුධිරය ඔහුට පාරවිලනය කර ගන්නේ පුද්ගල සමාජ තත්වය, කුනු ලේ, වයිරස්, ලෙඩරෝග, සමාජ රෝග කිසිදෙයක් තඹ පයිසෙකටවත් මායිම් නොකරමිනි. තවද උගේ තුඩේ ඇති ආතලේ නොදන්න ජගතෙකු මේ ලෝකය තුල නැති තරම්ය. ඇත්ත වසයෙන්ම මදුරුවා ලෝකයේ සමානාත්ම තාවයට ලැදි මානවහිතවාදියෙකි. අපිට ලේ දන්දී පින්සිදු කර ගැනීමටද අවකාශ සපයා දෙයි.
නමුත් අපගේ රාත්රී කාලය කාලකන්නි කරන පාපතර ලේ පිපාසිතයකුගේ තත්වයට මදුරුවාව අප පත් කර ඇත. ගුනෙ අය්යාගේ හැගීමට අනුව නම් මිනිසුන් වන අපතයන් මදුරුවාගේ රාත්රි කන්කලු නාදයට ඉතාමත්ම ප්රිය කරන බැවිනි. තවද, රාත්රි මුර සන්චාරය සදහා ඔවුන් අප අසලට පැමිනි විට ඔවුනට චටාස් පටාස් යන දැඩි ප්රහාර එල්ල කිරීමටද ප්රියකරන නිසාය. තවද මේ අපතයන් කරන ඉතාමත් විලිලැජ්ජා සහගත අපරාදය වන්නේ මදුරුවන් බිහිකිරීමට අවෂ් ගර්භාෂයන් තම බාල්දිය, කෝම්බය, පොල්කට්ට, ටයරය...... තුල බිහිකර දීමයි. අතර මදුරු දගර මුදලාලිට කඩේ යන පිරිසක් නැත්තේද නොවේ. එසේ මෙසේ කෙසේ කතා කලද මදුරුවා මදුරුවාය ඇනෝපිලස්, ඩෙන්ගු, යනාදී මෙකී නොකී නම් වලින් අප මදුරුවාවද හොල්මන් කර ඇත. වයිද්යචාරීන් මදුරුවාට සමජයේ ඉහල පිලිගැනීමක් ලබාදී ඇති නිසාය....
ඉතින් අපි මදුරුවාට අත උස්සලා සපොට් එකක් දෙමුද? මල්ලියේ නOගියේ... තව ජීවිත බිලි ගැනීමට පෙර මෙන්න මේ විදියට චටස්, පටස්, ...ඩෝO පටෝO, දඩින් බිඩින් දොඩO..


සැ.‍යු :-
ගුනේ අය්යාගේ Oවේගය මදුරුවා විසින් මරාදැමු ජීවිත වෙනුවෙන් නොවේ. තත්වයට අහින්සක මදුරුවා පත් කල අසමජ්ජාති කාලකන්නි සමාජයටය.

No comments: