Wednesday, July 20, 2011

මාරයගෙයි මගෙයි පලමු රැය...(1 වෙලුම)

එක් දිනයකෑ මධ්‍යම රාත්‍රී කාලයෙහි නිදි නොලබා සිරි යහන් ගබඩාවේ වසන කලෑ වෙරම්භ වාතයක් හමන්නාක් මෙන් පොලොව පලා ගෙන බබුලුවගෙන නිලOකාර, ඔක්කාර දෑසින් යුතුව, පුන් ඝටයක හැඩයෙන් යුත් මහෝදරයකින්ද, රක්ත වර්න මුවකින්දමහා දල දෙකකින්ද, මුව අයාගෙනදනිර්වස්ත්‍ර වස්ත්‍රයකින්ද, සමන්විතවූ මහා තෙද බල ඇත්තකු ගුනේ අය්යාගේ සිරියහන් ගබඩාව පෙරලාගෙන ගුනේ අය්යා ඉදිරියේ එකත් පසෙකවෑ සිටියේය... ගුනේ අය්යාද හොල්මන් වු මනසින්, අවුල්වු කෙහෙරැලි වලින්, යුතුව මහා ආයසයකින් තෙපර බාමින් මෙසේ අසයි....
ගුනේ  : සොරි මචෝ උබ කවුද? (ගුනේ අය්යට ඒ දර්ෂනයෙන් උර්දවපතනය වෙන්නට අවත් මචO ලෙවල් එකේ කතා කලා හරිය )
මාර‍යා    : යකෝ මම මර ලොවට අධිපති මාර‍යා වන්නෙමි.
ගුනේ  : ඇයි මාර යකෝ... ඉතින් හය්යෙන් කියන්නේ මවුතුමිය ඇහැරුනොත් තොගේ ඔය දත් දෙක ගලවයි...
මාර‍යා : සොරි මචO.... මම ආවේ උබෙන් උදවුවක් බලා පොරොත්තුවෙන්
ගුනේ  : මොකක්ද වෙබ් එක ගැනනන් කතා කරන්න එපා... මට පහුගිය දවස්වල ශක්‍ර දෙය්යන්ට ඇඩ් එකක් දාලා දෙන්න ගිහින් ප්‍රශ්න ගොඩකට මූන දෙන්න උනා...
මාර‍යා : නෑ මචෝ මO ඔය විකාර කරන්නෑ... මට ඕනේ උබත් එක්ක ලOකාවේ රවුමක් ගහන්න...
(මුන්ටත් තියන මල විකාර දැන් ඉතින් නීවාඩු දාගෙන පලකෝ රෝන්දේ මාරයා නිසා ඉවසනවා, වෙන එකෙක්නම් මම මවුතුමියට ඇහැරවලා හොද පාඩමක් උගන්නනවා ගුනේ අය්යා කිව්වා නොව සිතුවාය....)
ගුනේ  : කැම ටිකක් කමුද?
මාර‍යා : අපෝ බෑ මෙහෙ කෑම වල ආසනික් තියනවා... මට මොනා හරි බොන්න තියනවා නම් හොදයි රත් වෙන ජාතියක් (ගුනේ අය්යා අමද්‍යප ව්‍යාපාරේ සාමජිකයෙක් උවද. ආගන්තුක සත්කාර හොදින් දනී. ඔහු වහ වහා පියතුමානන්ගේ සෑර ජාතියක් මාරයාට ගෙනවිත් දෙයි.
මාරයාද පලතුරු බීම බෝතලයක් බොන සයිස් එකෙන් කීචෝක් හිනාවක් දමා එක හුස්මට සෑර බෝතලය අහවර කරයි. නිර්වස්තරයෙන්ම හතර ගාතයේ දමා ගෙන බුදි..... යක්කුන්ට පෙරේතයන්ට බැන බැන.....

සැ.යු:- ඉතිරිය හෙට බලන්න මාර‍යා සමග සවරියක්.

2 comments:

Anonymous said...

හෑ.... මොකා... මාරය කිව්ව... හපොයි!!

Anonymous said...

මට මතක් වුනා මම කියවා ඇති මේ වගේම කතාවක්.... බලමු ඉතිරියත් කියවලාම...