Monday, July 18, 2011

මේ ගේමෙන් දිනන්නේ මුගටියම තමා...

මේක පාසලක සිද්ද වෙච්ච සිද්ධියක් අපේ යාලු බුවෙක් තමයි. මේ කතාව ගුනේ අයියට ලැබෙන්න සැලැස්සුවේ මුලින්ම අපි අපේ යාලුවට පින් දීලා එහෙම කතාව අහමු මෙකද මේ කතාවේ කතා නායකයත් ඉතින් පොරම නිසා.
මේ බුවා හරීම රැඩිකල් ආදරවන්තයෙක් පොරට ඕන උනා. පන්තියේ ගෑනු ලමයෙක් එක්ක හාද කමක් ඇති කර ගන්න. (ලව් එකක් හරිය ). ඉතින් අපේ යාලු බුවත් ඉතින් දන්න ශිල්ප ඔක්කොම දාලා තමුන්ගේ හිතේ තියන ආලවන්ත කම ප්‍රකාෂ කලා. පලමු පාර කෙල්ල ගනන් ගත්තේ නෑ. දන්නවනේ ඉතින් කෙල්ලේ පලවෙනි පරම හා.... කිව්වොත් ඉතින් එකී කෙල්ලෙක් නෙමෙයිනේ. ඉතින් මේ ගෑනු ලමයත් ඒ සම්ප්‍රධායම පාවිච්චි කරලා ගත්ත කටටම බෑ කිව්වා. අගේ කරලා මෙන්න මෙහෙම අනේ අයියේ මම බයයි ඔවලට. හරියට ලමිස්සියෙක් වගේ.
අපේ බුවා අධර්‍යමත් උනේ නැහැ. ඇහුවා දෙවෙනි පාරත් ........ නOගියෝ මම ඔයා ගැන පිලිබද සිතක් පහල උනා මම ඔයාගේ වල් අඹයා සමාවෙන්න වල්ලභයා වෙන්න කැමතී කියලා. කෙල්ල දෙවෙනි පාරත් සාටර් පාරක් දැම්මා (ඕවා කොහොමත් ගෑනුන්ගේ මායම්නේ ඉතින්)
කොහොම කොහොම හරි අපේ බුවා උත්සහය අත ඇරියේ මේ ගෝතකරුමේ කර ගැහුවොත් හැම දේම ගෙදරින් අහලා කරන්න වේයි කියන බයට ඌ වැඩේ අත ඇරියා වැඩේ...
නමුත් ඉතින් කෙල්ලගේ ආලවන්තකම මේරුවා කෙල්ල දැන් හිතින් ලවු අපේ බුවා දැන් මල ඉලවු ඌ ගෑනු ලමයා දිහා බලන්නේ වත් නෑ. ඉතින් ගෑනු ලමයත් කල්පනා කලා කොහොමද මූව දපනේ දා ගන්නේ කියලා. ඉතින් ගෑනු ලමයත් ස්කෝලේ අන්තිම දවසේ තමුන්ගේ අදහස මෙහෙම කවියකට ගොනු කලා. අහන්නකෝ කවිය........
සිවු වසරක සිට කරනා යම යුද්දෙන්..
දිනනට හැකි වේද අවසන A/L වලින්..
වසරෙන් වසර එන සොහොයුරු සිසු මැද්දෙන්..
පාසලේ ඔයා හට මා අමතක වෙද්දෙන්..
කියලා තමුන්ගේ අදහස ප්‍රකාෂ කලාලු කවියෙන්... සමරුවේ සටහනක් දාලා..
ඕකත් ඉතින් තේරුම් ගත්ත අපේ මෙ බුවත් මෙහෙම ලිව්වලු
මම මුගටියයි මෙම සභාව තුල සිටිනා...
ඇය හැපිනියක් බව කවුරුත් හැදින දනා...
නයයි මුගටියයි නිතරම ගේම තමා...
මේ ගේමෙන් දිනන්නේ මුගටියම තමා...

කොහොම හරි කොල්ලා ගොඩ ගියා....

කවි රචනා:- ප්‍රසන්න මහේෂ් ආරියරත්න
                  තෝඩා මඩුව
                  සිවලා කුලම
                  ගලෙන් බිදුනු වැව
කතාව      :- ගුනේ අය්යා.

2 comments:

සාතන් said...

හූ......... හැපින්නට හූ කිව්වෙ හොඳේ...

Sabith said...

හික්ස්....එල එල මචො!..අදම නොවැ මේ පැත්තට ආවේ! ඔන්න ෆලෝ පාරකුත් දැම්මා හරිය...
www.sabithl.blogspot.com