Friday, July 1, 2011

චූටී බුවගේ..චූටි චූ පාර.....

කෝල් ඔප් නේචර්...
මේක තිලිනයට වෙච්ච දෙයක්, අපේ සෙට් එකේ තවත් හොද හිකනලෙක් තමයි. තවම කටේ කිරිසුවද ගිහින් නැහැ. එ උනාට පට්ට පච බෙබා කෙනෙක් තමයි. දවසක් ගියා මෙයා පාටියකට දන්නවනේ ඉතින් කටේ තරමට වැඩ නැහැ කියලා අරක්කු මුඩි දෙකක් ස්මෙල් කරපු මෙයට හොදටම වෙරි කබර ගොයි, තලගොයි, විතරක් නෙමේ කිබුල් පැටවුත් මෙයගෙ කටින් එලියට ආවෙ ෂොට් එකේ සැරට කියලා තමයි කියන්නෙ.  ඊට පස්සෙ හතර ගාතේ දාගත්තු මේ මල්ලියාව නැගිට්ට වන්න බැරි තැන මෙයාව නිදි කෙරෙව්වෙත් බොහොම අමරුවෙන් ජාතක කතා Stories  ගොඩාරියක් කියලාලු. කොහොම  කොහොම  හරි නිදාගත්ත මල්ලියාට වෙරි මරගාතෙම පොඩි චූ බරක් හැදිලා, ඉතින් වෙනදා පුරුද්දට මල්ලිත් දොර ඇරලා  බර සැහල්ලු කරලා දොයියගෙන තියනවා... පවු අහින්සකයා... හරි ස්විට්.... උදේ නැගිටලා මෙයා යන්න ලැස්ති වෙනකොට කාමරේ අතුලෙන් මුත්තරා සුවදක් වහනය වෙනවා. මේක යාලුවටත් ආරන්ච් වෙලා. යාලුවත් පොඩ්ඩක් සර්ච් කරලා බලලා තියනවා. සුවද වහනය වෙන ස්පොට් ගැන අල්මරියත් ඇරියේ නිකමට වගේ, හපොයි ගදේ බැ. අල්මරියත් හරියට Air freshners දාපු නැති වොශ් රූම් එකක් වගේ. මේ හිවලා චූ කරලා තියෙන්නෙ අල්මාරියටනෙ. යාලුකම පැත්තකින් තියපු යාලුවා මූව ගෙදර යවලා තියෙන්නෙ රෙදි ටික ඔක්කොම හේදුවයින් පස්සෙලු.

1 comments:

චාටර් කොල්ලා said...
:) ඕක තමා කියන්නෙ මූඩියක් පෑගුනත් වෙරි කියල :)

2 comments:

නදී said...

හොද වැඩේ.මොකටද බැරිනම් බොන්නෙ :)

Asanka said...

එල තමා