Thursday, July 7, 2011

රාජ රාජ මහා මාත්තයාදීන්ගෙ ප්‍රසන්සාවට බාජනය උන මොලයා



මොලයා කියන්නෙ අපේ එලකිරි සෙට් එකේ හිටපු එලකිරි කොල්ලෙක් ඌගේ මොලේ ගැන කතා කරොත් ඌගේ චූට්ම චූටි තන්තුවෙ ඉදලා උන්ඩුක පුච්චෙ තියන වැලි කැටේ දක්වා විසිරි පැතිරි පවතින මහා නුවනක් තමයි මෙයාට තිබුනෙ. ඉතින් අපි අහමු මොලයාගේ නුවනේ තරම. ඉතින් මෙයා දවසක් තීන්ත ගාන්න කියලා නැග්ගා පලන්චියට ටික වෙලාවක් ඔහොම තීන්ත ගගා ඉන්න කොට තීන්ත ටිකක් වැටුනෙ නැතැ මොලයගේ ඇහැට පවු අසරන්නයා ඇහැ කන වෙන්නයි යන්නෙ ටිකක් දැනුම් තේරුම් තියන මොලයා කල්පනා කරා ඇහැ බේරගන්න හැටි මූගෙ මොලේ තමයි මොලේ තීන්ත වල සැර බාල වෙන්න කියලා තිනර් ටිකක් අරගෙන ඇහැ හේදුවා. හරී සනීපයි.... ඉතින් මොලයව හොස්පිටල් නවත්වන්නත් වුනාලු. අපි අපේ යාලුවො මොලයාට තවමත් අදරේට කියන්නෙ ඉතින් මොලයා කියලා තමයි. මු මෞශද පන්ඩිතයටත් වැඩියෙ නුවන මුහුකුරා ගිය අපේ රාජ රාජ මහා මාත්තයාදීන්ගෙ ප්‍රසන්සාවට බාජනය උනා කියලා තමයි ආරන්චී.

2 comments:

prasanna86k said...
පොරගෙ ඇහැ ඊට පස්සේ පෙනුනද බං?
නුවන් සම්පත් කුමාර-Sampath Kumara said...
ඔව් මචෝ ඊයේත් දැක්කා උගේ ඇහේ ප්‍රෂ්නයක් නැහැ...

1 comment:

සාටර් said...

මම වගේම බුද්දිමත් කොල්ලෙක් :)