Friday, July 8, 2011

හොදම විත්තිවාචකය .....ෂාමි ඕ මුරුගා

මේකත් ඉතින් ගුනේ අය්යගේ බූරු කතාවක්. අපේ සුන්දර ග්‍රාමය ලෝසුපතල වෙන්න මේවත් බලපාන්න ඇති. අහලත් ඇතිනේ බුරු ගැසීමට උචිත මහා සාමකාමී වතාවරනයක් තමයි ඇපේ ගමේ තියෙන්නේ ඒ වගේම ඉතාම ආරක්ෂාකරී විදියටත් මේ බූරු පිටි සකස් කරලා තිබුනේ ක්‍රීඩකයන්ගෙ ආරක්ෂාව ගැනත් හිතලා. කතාව අහමුකො ..ඉතාම අන්‍යන්ය සුහද තාවයක් සහිත සාහිත්‍යකාමී ක්‍රීඩාවට ලැදි  නාකි බුවාලා හතර දෙනෙක් බූරුවා ගැහුවා කාටත් හොරෙන්. ( කොච්චර සුහදද කියනවනම් බුවාලා හතර ජාති හතරක ආගම් හතරක ) මේ අන්‍යන්‍ය සුහදතාව නොහදුනන අපේම අපතයෙක් දුන්නා මේ වැඩසටහන ගැන රියල් ඔත්තුවක් පොලිසියට ඔයාලට කියන්න පොලිසියට ඔත්තුව දුන්නා විතරයි. ජීප් එක එතන සිවිල් පිට ආපු පොලිස් අය්යලා ටික මෙන්න මෙහෙම කියනවා.
ආනේ හොරා වගේ සද්ද නැතුව මල්ලිලා ටික සෙට් වෙලා ඉන්න හැටි? වෙනසකටත් එක්ක යන්ද පොලිසියේ පැත්තේ රවුමක් දාලා එන්න. කියලා අතපය හිරි ඇරගත්තු පොලිස් අය්යලාත් අOකල් බුවාලා ටික ජීප් එකට පටෝ ගෙන ගියා පොලීසිය බලා. දැන් ඉතින් බුවලා පොලිසියේ. එකත් හරි දැන් ඉතින් ඊලග වටය ඉතින් ප්‍රෂ්න වටයනේ. මේ වටයටත් තේරුනු අOකල් බුවාලා ගෙන් පොලිස් නිලදාරියා ප්‍රෂ්න කරනවා.
පොලිස් නිලදාරියා             : තමුසේ බූරු ගැහුවා නේද?
පලමු බූරුවා (ස්ට්වන්)    : අහසට අත් දෙක ඔසවා නැහැ සර් දෙය්යන් වහන්සේ පල්ලා මම බූරු ගැහුවෙ නැහැ කියලා ජේසුනී මාව බේරගන්න කියලා හිතුවා
පොලිස් නිලදාරියා           : තමුසෙත් බූරු ගැහුවේ නැද්ද දෙවන විත්තිකරු දිහා බලපු පොලිස්නිලදාරියා ඇහුවා
දෙවන බූරුවා (සුල්ෆික්)  : රෙදි කෑල්ලක් බිම දාගත්තු සුල්ෆික් අOකලුත් අල්ලා දෙය්යන් පල්ලා මම ඔය ජරා වෙඩ කරන්නෙ නේ.. පෙරිය තලේවර් කියලා කිව්වා.
පොලිස් නිලදාරියා            : තමුසේ මොකද කියන්නේ?
තෙවන බූරුවා (සුදාගරන්): අම්මා සෑර් .... ෂාමි ඕ මුරුගා පල්ලා බූරු ගහනවා කියන්නේ මොකද... කියලවත් මා දන්නේ නේ සේර්
පොලිස් නිලදාරියා           : සිරිපාල උබට මොනාද කියන්න තියෙන්නේ උබ බූරු ගැහුවද?
හතරවෙන බූරුවා (සිරිපාල): කාත් එක්කද? සිරිපාල අත්දෙක එකතු කරලා වැදලා කිව්වාලු.
අපිට වැරදීමක් වෙලා තියෙන්නේ කියලා තව Additional කනේ පාර පාර දීලා සිරිපාලව විතරක් නිදහස් කලාලු හොදම විත්තිවාචකය වෙනුවෙන්.....

3 comments:

Anonymous said...

බොලෑ මුළු ගමම මහ නසරානි ගමක්නේ බං.

Unknown said...

මචO මීලගට මම ලියන්න ඉන්නෙ උබේ බ්ලොග් එක ගැන විචාරයක් ... ඊ-මේල් එක එවපන් මට උබට පෙන්නලා ඇපෘ කරගන්න.

ගුනේ (විහිලු නෙමේ)

Anonymous said...

හිහි..
සිරිපාල තමයි දවසකට මිනිහ :D