Monday, July 25, 2011

''ගෝල්ඩ් ෆිෂ්ගේ බ්ලොග් ටැOකිය'' සොරා ගන්න ''රත්ගමයා'' එය ''කලුවර අඩවිය'' වෙත ගෙන ගොස් දමයි.


"හිම කුමාරි" පුOචි අසරන කෙල්ලකි. "පන්සල් හන්දිය" අසල ඇගේ නිවස පිහිටා ඇත. ඇය වැදගැම්මකට නැති ''චාටර් කොල්ලා'' සමග හාදකමක් ඇති කර ගනී. ''ගුනේ අය්යා'' කොපමන ගතු කීවත් ඈ එය මායම් නොකලේ ''නාකි විකාර'' යැයි කියමිනි. ඔවුන් ''ගොනයි මීමයි'' සේ නොපෑහෙයි.
ඇගේ අදහස වුයේ ''චාටර් කොල්ලා'' සමග එක්තැන්වී ''බ්ලොග් ගඩොල්'' වලින් නිවසක් තනා ගැනීමයි
නමුත් ''චාටර් කොල්ලා'' ''සූස්ති ගුනේ'' සමග ''ගුනේගේ තිප්පොලට'' යන
එන බව ''රත්ගමයා'' දකියි. ඔහු ''බ්ලොග් මල්ල'' ලිහා ''චාටර් කොල්ලා''ගේ ''සායම'' අරියි.
මේ ගැන දැන ගන්නා ''හිම කුමාරි'' ''චතූගේ පිටුවේ'' පෙලෙන ''ජීවිතයෙන් බිදක්'' ''කුරුටු ගී'' කර ''චාටර් කොල්ලා''ගේ ''ආදරනීය නවාතැනට'' යවයි. මේ අතර ''මාරයගේ හෝරව'' එලබෙයි. ''චාටර් කොල්ලා''ට අයත් ''ගෝල්ඩ් ෆිෂ්ගේ බ්ලොග් ටැOකිය'' සොරා ගන්න ''රත්ගමයා'' එය ''කලුවර අඩවිය'' වෙත ගෙන ගොස් දමයි. ''චාටර් කොල්ලාට''' ඉවසුම් නැති වෙයි. ඔහු ''සෝරෝ'' සමග ගොස් ''රත්ගමයාට'' පහර දී ''රත්ගමයාව'' ''ඇට මැස්සාගේ අඩවියට'' පන්නා දමයි.
මේ සිද්දියෙන් පසු ''මතවාද'' වෙනස් කර ගැනීමට ''චාටර් කොල්ලා'' උත්සාහ කරයි. ඔහු ''සිප්සල'' වෙත ගොස් ''තොරතුරු තාක්ෂනය සිOහලෙන් හදාරයි''
මේ අතර ''හිම කුමාරි'' ''චුටි මල්ලී'' සමග ''ජෝතිෂ්‍ය ලOකා'' වෙත යන්නේ කේන්දරය බලා ගැනීමටය. එහිදී ''දිවිය පුරා'' ''ආදරනීය නවතැනක'' නැවතීමට හැකි බව පැවසේ. මේ බව ''හිමකුමාරි'' ''බුවා'' අත ''චාටර් කොල්ලාට'' දන්වයි.
''චාටර් කොල්ලා'' ''101 වන පන්තියේ'' දුම් රිය මැදිරියකින් ''දේදුනු පාලම'' වෙත පැමිනෙයි. ''මගේ සද'' කියමින් ''බිගු නද'' පතුරුවා ''මකරන්දයක්''  මෙන් ''හිම කුමාරිව'' සිප ගනියි
උන්ගේ "වෙලාව ලගයි"....
''ගුනේ අය්යා'', ''පූසා'' අත්පුඩි ගසයි..........

13 comments:

෴ වේලාව ලගයි ෴ said...

කෝ මෙකේ මාව ගැව්ලාවත් නැනේ........!!!!

Anonymous said...

මල මගුලයි තව ටිකෙන්... මං රත්ගමයට දෙන්න හැදුවේ බැස්ටිය...

එල එල උඹේ බ්ලොග් ලිස්ට් එකේ මාත් ඉන්නවනේ බං...

Unknown said...

මචO උබේ "වෙලාව හොදයි"....දැන් බලපන්..

BLOG ගඩොල් said...

හික් හික්!! හොඳ නිර්මාණයක්

සාටර් said...

ඇය වැදගැම්මකට නැති ''චාටර් කොල්ලා'' සමග හාදකමක් ඇති කර ගනී.

සාටර් said...

යකෝ චාටර් කොල්ල කිව්වෙ මටද? එතකොට කිසිම වැදගැම්මකට නෑ කිව්වෙ කාටය? ඉකේ..චාටර් ය..
මොනා උනත් පට්ටෙට ලියල තියෙනව..එල

Unknown said...

මුලු කතාවම උබ ගැන ඇයි මේ වාක්‍යක් අල්ලගෙන...

Anonymous said...

ෆට්ටයි ගුණේ අයියා.. සිරා නිර්මාණයක්!

නාකියා said...

අෆොයි .... පුල්ලෙයාර් දෙයියනේ...!!!
හිම කුමාරිට වෙන ගැඩවිලෙක් ඉදලම නැද්ද?

තව ටිකක් දිගට තිබුන නම් කියලා හිතුනා බං.. පස්ට ගති..

දේව් ගේ අඩවිය said...

අපරාදේ.... ඔය වගේ වැඩකටවත් අපේ නමක් ගැ වෙන්නේ නැනේ....... දුකයි අෆ්පා

Nishan de siva said...

මෙය පෝස්ටුවක් නොව සින්ඩියක් මෙනිය.ලොල්ය

Unknown said...

සමාවෙන්න ගැලපීම නැති වන නිසා සමහරුන්ගේ බ්ලොග් වල නම් ලිවිය නොහැකි විය.

මි හරක් පිඩියා said...

ගුනේ අයියේ....වැඩේ සාටර් හොදේ...මේ අපිත් ඉන්නවා නේ.