Sunday, August 14, 2011

නෑ තාත්තේ මේ මන්නේ මුවත් තියා ගන්න කියලා......

නෑ තාත්තේ මේ මන්නේ මුවත් තියා ගන්න කියලා......
මේ කතාව අපේම එකෙකුට වෙච්ච තවත් අපබ්‍රOශ ස්ටෝරි එකක් අපි මෙයාට මන්නයා කියලා කියමු. මොකද මන්න පාරවල් කීපයක්ම අසාර්තකව එල්ල කරපු පොරක් නිසා. මෙයා ටිකක් විතර වලියට බර, ධාරාන්පාත ඉදිකටු සයිස් මරුමූස් ඇගකින් සමන්විත උන හැම දේටම මන්නේ ඉස්සරහට දාලා හොම්බ රිවට් කර ගන්න ජාතියේ බඩුවක් හැබැයි ඒ ඉතින් ඌ මොනා උනත් හොද කොල්ලා අපි උගේ හොද පැත්තකින් තියලා කතාව අහමුකෝ මේ බුවගේ බාප්පා අල්ලපු වැටේ හැබයි ටිකක් විතර තරහයි. මොකක්ද ඉතින් වැටේ ප්‍රෂ්නෙකට මිසක්, කොහොම කොහොම හරි මේ ප්‍රෂ්නේ ටිකක් විතර උත්සන්න උනේ මේ බුවගේ පියා ගෙදර නැති වෙලාවක දන් නැද්ද ඉතින් ගෑනු ගෑනු එක්කෙකුට එකෙක් දෙවෙනි නෑනේ ඉතින් මේ නෑනලා දෙන්නත් කෙහෙවලු පටලව ගත්තා. තාත්තත් ගෙදර නෑ බාප්පයි නැන්දයි දෙන්නම පලු පැලෙන්න බනිනවා. මුගේ ඉවසීමේ සිමාව නූල් දෙකයි තුන්කාලට පැන්නා. දන්න දන්න කැත කතා, බලු කතා, විවාහය සම්බන්ද කතා ගොඩරියක් කිව්වත් බාප්පත් දෙවෙනි නෑ. බාප්පත් රජ කතා ගොඩාරියක් කියලා අනේ අපේ මන්නයගේ ඉවසීමේ සීමාව එහාට මෙහාට කලා. මන්නයා සැලුනේ නැහැ ගියා කුස්සියට ගත්තා මන්නේ අද තෝව බාවනවා කියලා ආදරයෙන් බාප්පගේ වත්තට පැන්නා බාප්පා දුවනවා පන එපා කියලා. මන්නයා දුවනවා මන්නය අමෝරාගෙන, බාප්පා දුවනවා සරම කඩාගෙන, කඩගෙන බිදගෙන පාර හරහා, පාරේ එන්නේ මන්නයගේ තාත්තා දැක්කා මේ ඔට්ටු සෙල්ලම, ඔහේ හිටු කියලා මන්න‍යාට කිව්වේ මෙකද මේ කියලා බලන්න මන්නයා නැවතුනා. මන්නයගේ පියා දුන්නා හොදවයින් පාරක් කන පුරෝලා මන්නයට චටාස්, පටාස්, ඩෝO පටොO, මන්නයා බිම. මොකද තෝ මන්නෙන් මල්ලිට කොටන්නඩද?! මන්නයගේ පියා ඇහුවේ හරිම සුරතල් බයානක විදියට. දනි පනි ගාල නැගිටපු මන්නයා මෙහෙම කිව්වා. මම මේ මන්නේ මුවත් තියන්න යන ගමන් බාප්පව හම්බ උනා. තාත්තට විහිලුවක් වත් තේරෙන්නේ නෑනේ කියලා. අසරන මන්නයා බැනුනුත් අහලා ගුටිත් කාලා. අදයින් පස්සේ මන්නයා මන්නේ කටවත් ආය පෙන්නන්න ගිහින් නෑ....  

3 comments:

Kasun said...

හෆොයි! ඒක පට්ට සීන් එක.

Test Profile said...

අඩේ ඌට මන්නපාරක් වැදුනේ නැද්ද බං?

Unknown said...

කරුමෙට නෑ එහොම උනා නම් කතාව වෙනස් වෙනවනේ....