Friday, September 2, 2011

අනේ මේ ෂානි මට උබේ ලවු එපා පුරුදු තනිකම හොදා.....


පාලු මාවතෙදී
30.08.2011
නො: 62/15
සොර බොර වැව් කන්ඩිය පාර
කටුනායක

ආදරනීය ගුනේ අය්යා වෙත ලියමි.

2011.08.29 දිනැති ඔබගේ ආදර යෝජනාව සම්බන්ධ ලිපිය හා බැදේ. අදාල ලිපියට අනුකූලව අනුකූලතාවය දක්වන  බව මෙයි දන්වා සිටිමි. කෙසේ වෙතත් මා ඔබට අනුකූලතාවය දැක්වීමට පලමුව ඔබ පහත කරුනු වලට අනුකූලතා ඔබ විසින් පල කලයුතු බව සලකන්න.

01. මාහට මිහිරි වචන වලින් සැලකිය යුතුය. (උදා:- රට මැට්ටී, පිට්ටු බම්බුව, බහු   බූතය යනාධි සුරතල් වචන )

02. මාහට ඇදුම් පැලදුම් සදහා රු 5000/= දීමනාවක් ලබා දිය යුතු අතර මාගේ ඇදුම් පැලදුම් කුමන වර්ගයේ ඒවා වුවද කාරුනිකව ඉවසා වැදෑරිය යුතු බව සලකන්න.

03. සතියකට වතාවක් වත්  මා සමග MC හෝ LPMC යාමට සිදුවන බව කාරුනිකව සලකන්න.

04. පරිවාස කාලය තුල මා කැමති ඕනෑම අයකු සමග සම්බන්ධකම් පැවැත් වීමට ඉඩ හල යුතුය. එවැනි අවස්තා වලදී හින්ට් පාස් කිරිම. මාහා  අමනාප වීම පමනක් නොව මගේ වැඩ වලට ඇගිලි ගැසීම සපුරා භයානක විය හැක.

05. තවද මා හට ගමන් වියදම් දීමනාවක් හෝ සුපිරි ජගුවා රතයක් මාගෙ ගමන් බිමන් සදහා වෙන් කල යුතු බව කාරුනිකව සලකන්න.

06. තවද මා ඉදිරි පිටදී මෙන්ම මා නැති අවස්ථා වලදීද වෙන කෙල්ලන්ට ටෝක් කිරීම, මල් කැඩීම, හා අයතා සම්බන්දතා පැවැත්වීම සපුරා තහනම් වන අතර මෙම කොන්දේසිය මට අදාල නොවන බව සලකන්න.

තවද ඔබ ඉහත කොන්දේසි වලට එකග වන්නේ නම් මාගේ පිවිතුරු හුරතල් ආදරය ඔබට ප්‍රථම වරට පුද කිරීමට කැමැත්තෙමි. තවද ඉහත දෑ වලට එකග නම් FACE BOOK එකේ මාගේ ප්‍රොපයිල් එකට ලයික් එකක් දමා කමෙන්ට් කල යුතුය.

මාගේ පෙම්වතිය වන ඔබට බුදු සරනයි

මෙයට විස්වාසී

--------------------
ෂානී පොකුනු විට


ප:ලි: -
අනේ මේ ෂානි මට උබේ ලවු එපා පුරුදු තනිකම හොදා.

11 comments:

සාටර් said...

හික්, ලොල්ය :)

අරුණ හෙට්ටිආරච්චි said...

ගුනේ අයියේ මෙයා නම් ඔයාට නියමෙටම ගැලපෙන කෙල්ලෙකි. ඔයා දෙසෙම්බර් 10 එන්නේ මෙයත් එක්කද?

Amila Chathuranga said...

සහ් මරු...

Unknown said...

දෙසැම්බර් 10 මොකද්ද බO සිද්දිය...

සංජු said...

අන්න කෙල්ලො.....! තාම මට බැරි වුණානෙ ඔය වගේ වෙන්න

ඉන්දික said...

හෙ හේ..මැක්සා!

අරුණ හෙට්ටිආරච්චි said...
This comment has been removed by the author.
අරුණ හෙට්ටිආරච්චි said...

@ගුනේ අයියේ - නුවන් සම්පත් කුමාර-Sampath Kumara - http://cyberfestival.blogspot.com/

කතන්දර Kathandara said...

LPMC ?

දමියා said...

ගුණේ අයියා., පුරුදු තනිකම හොඳා...

දේව් ගේ අඩවිය said...

අඩේ ගුනේ අය්යේ මේ ලවර් නම් අතහරින්නම එපා, මම හිතන්නේ 100000කින් වත් උබට ගැලපෙන විදිහේ මෙහෙම කෙල්ලෙක් හොයා ගන්න ලැබෙන එකක් නැ...