Friday, September 30, 2011

බාබුවා දිහා බලලා ඇහැක් ගහනවා... ඒ තරමටම ඌ කුපාඩියා

බාබු කියන්නේ අපේ ස්කොලේ හිටපු විනීත, අවන්ක, සුවච, කීකරුම බුවා කිව්වොත් ඔයගොල්ලෝ බය වෙන්නත් ඉඩ තියනවා. ඌ ඒ තරමටම කුපාඩියා, ගෙවලයා, කොටින්ම කියනවා නම් සිරාම සිරා ආතල් පප්පෙක්... මූ ගැන කතා කරලා ඉවර කරන්න බෑ මොකද මේ බුවා පාරේ යන වහු පැටියකුට හරි ආතල් අකක් දීලා තමයි ඌව අත අරින්නේ. ඒ වගේම තමයි පන්තියේ ඉන්න දුර්වලම ශිෂ්‍යාත් අපේ බාබුවා තමයි. ඉතින් මෙයා වැඩියෙන්ම අකමැති පන්ති කව රැස්වීමට මොකද අහින්සක අම්මලා තාත්තලා ගෙන්නලා ලමයින්ගේ පලු අරිනවනේ කොහොම කොහොම හරි මේ බුවා පන්තියේ අන්තිමයගෙන් පලවෙනියා නිසා දෙමව්පියෝ එනකම් පන්ති බාර සරුත් මග බලාගෙන හිටියේ බාබුවගේ ජාතක කතාව පන්නි කව රැස්වීමෙදි දෙසා බාන්ට ඉතින් බාබුවත් මේ ගැන උනන්දු වෙලා මේක මග අරින්න ක්‍රමයක් කල්පනා කලා මුගේ රියල් මොලේට රියල් අයිඩියා එකක් එක්කගෙන ආවා අහල පහල ගෙදර අයියා කෙනෙක් පන්ති කව රැස්වීමට දැන් ඉතින් අය්යා වාඩි වෙලා ඉන්නවා මූ ගැන සර් දෙසා බානවා අය්යා පිටි පස්ස හැරිලා බාබුවා දිහා බලලා ඇහැක් ගහනවා... පන්ති කව රැස්වීම ඉවර වෙලා මේ අය්ය ගිහින් සර්ව හම්බ උනා සර් කොහොමද මචO කියලා ඇහුවේ නැතෑ බුවාගේ අයියට (හොර ) ඉතින් මචO මම දන්නෑනේ මේ උබ්ලෑ මල්ලි කියලා කිව්වහම ඉතින් මේ අය්යත් බාබු කියන්නේ මගේ මල්ලි නෙමේ කියලා සේරම ඇත්ත විස්තරේ කියලා. හරි වැඩේ තමයි බාබුවට සති 2 ක් පන්ති තහනම්.....

2 comments:

Real Reader said...

මේ බ්ලොග් එක ලෝඩ් වෙන්න සෑහෙන්න වෙලාවක් යනවනේ! බලනකොට මේකේ ඇඩ්, ගැජට් කෑලි පිරිලා. ඔය ලියන පෝස්ට් වලත් අක්ෂර වින්‍යාසය ගැන බලපන්. ගොඩක් වචන වල අකුරු අඩුයි. අනවශ්‍ය ගැජට් කෑලි අයින් කරලා සරල ටෙම්ප්ලේට් එකක් දාලා බලන්න. අකුරු අඩුවෙන් ලියන්න එපා. එතකොට බ්ලොග් එක කියවන්න ආස අය ඕනා තරම් මේ පැත්තෙ ඒවි.

Anonymous said...

Yaluwa oya gadgets ain karanna netnam load wenna yana welawa wadi wenawa. Eka harima karadarayak