Friday, September 30, 2011

මිනිස්‌ ගජ්ජු කැළෑ පොජ්ජ පටෑරල පොජ්ජ මන්දො කරල....ගූ කරලා

මිනිස්‌ ගජ්ජු කැළෑ පොජ්ජ පටෑරල පොජ්ජ මන්දො කරල....

වැදි ජනයා ශ්‍රී ලංකාවේ ජනතාව අතරින් සිය අනන්‍යතාව රැකගෙන ජීවත් වන එලම එල ජන කොටසක්‌ බැව්න්. ගුනේ අයියා අද අනාදිමත් ඉතිහාසයකට නෑකම් කියන වැදි ජනතාව පිළිබඳව කරුණු සොයා ඔවුන් වෙසෙන මහියංගන, දඹාන යන ගම් පෙදෙස්‌වල කල සoචාරය සහ ආදිවාසීයකු වන ඌරුවරිගේ කොච්චන් බත්තා සමග කළ සාකච්ඡාවකින් මේ ලිපිය සැකසිණි.

ප්‍රශ්නය - මේ ඇත්තන් ගේ පරම්පරා පොජ්ජ මොනේකෙන්ද මන්දො වෙන්නේ කැකුලු පොජ්ජො මේ ගැන කතා දානවද? (මේ ඇත්තන් ගේ පරම්පරාව පැවතෙන්නේ කොහොම ද ඔබලෑ ලමා ලපටින් මෙ ගැන දන්නවද?)

ඌරුවරිගේ කොච්චන් බත්තා - මේ ඇත්තන් ගේ පරම්පරා පොජ්ජෙ ඉතිහාස පොජ්ජ කතා දමනව නම් මේ රටේ යක්‌ක, නාග, දේව, රාක්‌ෂ ගෝස්‌තර හතරමක්‌ ඉඳ තිබෙව්වා. (මේ ඇත්තන් ගේ පරම්පරා ඉතිහාසය ගැන කියන කොට මේ රටේ යක්‌ක, නාග, දේව රාක්‌ෂ යන ගෝත්‍ර හතරක්‌ ජීවත් වූ බව පෙනී යනවා.) යක්‌ෂ කොදුය් යක්‌ක කියන ගෝස්‌තර පොජ්ජ තමයි ඉද තිබව්වෙ. (යක්‌ෂ නෙවෙයි යක්‌ක කියන ගෝත්‍රයයි මෙහි ජීවත් වුණේ). මේ කාල මැච්ෙච් තමයි විඡේ මහා හොනහූරා මේ රටට මංගැච්චුවේ. විඡේ හූරා මං ගච්චනකොට මේ ගෝස්‌තර පොජ්ජ පොජ්ජ හතර ම මේ රටේ බින්න බැහැලා ඉඳ තිබව්ව. (මේ කාලේ දී තමයි විජය කුමාරයා මේ රටට ආවේ. එතුමා මේ රටට එනකොට මේ ගෝත්‍ර හතර ම මෙහි ජීවත් වුණා) මේ ගෝස්‌තර පොජ්ජ අයිරුකුලට මන්දො කරනකොට මේ රටේ භාග තුනයි කාලක මේ ගොස්‌තර පොජ්ජවල් ර¹ල තිබෙව්ව. (මේ ගෝත්‍ර පිළිබඳව සොයා බලන කොට මේ රටේ තුන් කාලක පමණ ප්‍රමාණයක මේ ගෝත්‍රවලට අයත් අය ජීවත් වුණ බව පෙනී යනවා.) අද දවස්‌ පොජ්ඡේ තිස්බෙනව ඒ ඇත්තො රීපු තැන් ගල් රුකුල්, දියපොජ්ජවල්, ඇනාකුලාපු තැන්, මාතලේ පෝරුගම් පොජ්ඡේ මන්දො කළොත් තිබෙනවා ඕපාගල ගම් පොජ්ජ. ඒ කාල මැච්ෙච් එතැනට කතා දැම්මේ ඕපගල. ඕපාගල කියල කතා දමන්නේ. මේ යක්‌ක ගෝස්‌තරේ මිනිස්‌ ගජ්ජු ආයුධ පොජ්ජවල් ඔප කළ ගල් පොජ්ජ ඕපගල. අද දවස්‌ පොජ්ඡේ තමයි ඕපාගල. මේ වගේ ලකුණු
පොජ්ජ පොජ්ජවල් තිබෙනවා. (අද දවසේත් හමු වෙනවා ඒ ඇත්තො ජීවත් වුණු තැන්. ගල් ගුහා, දිය බීපු තැන්. රීපු තැන්. මාතලේ දිසාවේ තිබෙනවා ඕපාගල කියල ගමක්‌. ඒ කාලේ ඒ ගමට කිව්වේ ඕපගල කියල. එහෙම කිව්වේ යක්‌ක ගෝත්‍රයේ මිනිස්‌සු ආයුධ හදල මුවහත් තියන්න ගත්ත ගල තමයි ඕපගල. අද ඕපාගල වුණේ ඒ ඕපගලයි. දැන් අපේ එවුන් ඔවා දන්නේ නෑ)

ප්‍රශ්නය - මේ ඇත්තෝ ආගම් පොජ්ජ හැටියට ඇදහුම් පොජ්ජ මන්දො කරන්නේ පරිසර පොජ්ජ ද? (මේ ඇත්තෝ ආගම හැටියට අදහන්නේ පරිසරය ද?)

ඌරුවරිගේ කොච්චන් බත්තා - ආගම් පොජ්ජක්‌ හැටියට මේ ඇත්තන් ගේ පරම්පරා පොජ්ඡේ මිනිස්‌ ගජ්ජු ඇදහුම් පොජ්ජ හැටියට මන්දො කරල තිබෙව්වේ මේ පරිසර පොජ්ජ, හිරු පොජ්ජ, සඳු පොජ්ජ, රුකං පොජ්ජ, ගල් පොජ්ජ, දියගං ඇල්ල, ගිනි රච්ච. මේ දේ තමයි ඇදහුම් පොජ්ජ මන්දො කළේ. පරිසර පොජ්ජට ඇදහුම් පොජ්ජ මන්දො කරනකොට, ගරු පොජ්ජ මන්දො කරනකොට මිනිස්‌ ගජ්ජුන්ට සතුට පොජ්ජ මන්දො වෙනවා. (මේ ඇත්තන් ගේ පරම්පරාවේ අය ආගම ලෙස ඇදහීම කළේ පරිසරයයි. හිරු, සඳු, ගස්‌ගල්, කඳු හෙල්, ඇළ දොළ, ගංගා, ගින්දර වැනි දේ තමයි ඇදහුවේ. එදා පරම්පරාවේ අය පරිසරයට ගරු කරන කොට සලකන කොට සතුට සම්පත ඇති වුණා.)
ප්‍රශ්නය - අද දවස්‌ පොජ්ඡේ කැළෑ පොජ්ජට මොකක්‌ ද මන්දො වෙන්නේ?

ඌරුවරිගේ කොච්චන් බත්තා - අද දවස්‌ පොජ්ඡේ කැළෑ පොජ්ජ මිනිස්‌ ගජ්ජු පටෑරල පටෑරල විනාශ පොජ්ජ මන්දො කරල රීපු කුඩු කරලා. පරිසර පොජ්ජට විරුද්ධ තැනින් මන්දො කරන කොට පරිසර පොජ්ජ දඬුවම් පොජ්ජ මන්දො කරනවා. මේ විනාශ පොජ්ජෙන් බේරුම් පොජ්ජ මන්දො වෙන්න නම් මේ රටේ ඉන්න හැම මිනිස්‌ ගජ්ඡේක්‌ ම පරිසර පොජ්ජට ගරු පොජ්ජ මන්දො කරන්න ඕනේ. (අද දවසේ ඉන්න මිනින්සු කැළෑව විනාශ කරල විනාශ කරල මහා විනාශයක පැටලිල. පරිසරයට විරුද්ධකම් කරන විට පරිසරය මිනිසාට දඬුවම් දෙනවා. මේ විනාශයෙන් බේරෙන්න නම් මිනිසා පරිසරයට ගරු කරන්න ඕනේ.) පරිසර පොජ්ජ ආරක්‌ෂා පොජ්ජ මන්දො කරන කොට හිතට නිදහස්‌ පොජ්ජ,
පොජ්ජ පොජ්ජ මන්දො වෙනව. මිනිස්‌ ගජ්ජු වැඩි දෙනෙක්‌ හිත් පොජ්ජට මන්දො කර තිබෙන්නේ සැප පොජ්ජයි. සැප පොජ්ජෙ මන්දො කරන්න පරිසර පොජ්ජට විනාශ පොජ්ජ මන්දො කරනවා. දැන් මිනිස්‌ ගජ්ජුන්ට පච්චට ගච්චන්න අමාරු තැනක්‌. මංගච්චල මංගච්චල හමාර තැනට මංගච්චලයි තිබෙන්නේ. මෙයින් මෙයිබට මං ගච්චන්න කාල මැච්ච කොඳුයි. එතැනට මංචච්චන කොට මේ තැන හමාරයි. එහෙම මංගච්චල මෙනනට හිත්ලාන ගරු කරන කෙනෙක්‌ මන්දො වෙයි ද? ඒ කාල මැච්ෙච් මන්දො වෙයි ද? (පරිසරය ආරක්‌ෂා කරනකොට හිතට නිදහසක්‌ ඇති වෙනවා. මිනිස්‌සු වැඩි දෙනෙක්‌ සැප සම්පත්වලට හිත යොමු කරනවා. සැප විඳින්න පරිසරය විනාශ කරනවා. මේ මිනිස්‌සුන්ට ආපහු හිටි තැනට යන්න හරි ම අමාරුයි. විනාශ වෙන තැනට ගමන් කරලයි තිබෙන්නේ. දැන් මෙයින් පසු යන්න වෙනත් තැනක්‌ නෑ පරිසරයට හිතැති මිනිස්‌සු කවදා බිහි වෙයි ද? මේ ගෙම්බො පොජ්ජූ ඉන්නකම්..
ප්‍රශ්නය -  අද අපේ රට පොජ්ජෙත්, ලෝක පොජ්ජෙත් තියෙනව පරිසර සංවිධාන පොජ්ජවල්. (අද අපේ රටෙත් ලෝකයේ වෙනත් රටවලත් පරිසර සංවිධාන තිබෙනවා. ඒ ගැන ඔය ඇත්තො හිතන්නේ මොකක්‌ ද?)

ඌරුවරිගේ කොච්චන් බත්තා - අද ලෝක පොජ්ජෙත් අප රට පොජ්ජෙත් පරිසර පොජ්ජ අරක්‌ෂා කරන සංවිධාන පොජ්ජවල් තිබෙනවා. මේ සංවිධාන පොජ්ජ තිබෙන්නේ කන්තෝරු පොජ්ජෙ. පරිසර පොජ්ජ ආරක්‌ෂා කරන්නේ කන්තෝරු පොජ්ජෙන්. කන්තෝරු පොජ්ජෙන් එයිබට මංගච්චල කොඳුයි. එළි පොජ්ජට මංගච්චන්නේ පත්තර පොජ්ජෙන්. මේ පත්තර පොජ්ජෙන් අද දවසේ මිනිස්‌ ගජ්ජුන්ට අයිරුකලට මන්දො කරන්න මේ පරිසර පොජ්ජ ආරක්‌ෂා කරන කොඳුයි. (අද අපේ රටේ පරිසරය ආරක්‌ෂා කරන සංවිධාන තිබෙනවා. මේ පරිසර සංවිධාන ක්‍රියා කරන්නේ පරිසරයේ නො වෙයි කාර්යාල ඇතුළේ.. පරිසර ප්‍රශ්න විසඳන්නේ කාර්යාල ඇතුළේ ඉඳගෙන. පිටතට පරිසර ප්‍රශ්න ගෙන යන්නේ පත්තරවලින්. පත්තරවලින් පරිසර ප්‍රශ්න විසඳන්න බෑ. පරිසරයේ වැඩ කරන්න ඕනේ.)මේ ඇත්තො හිත්ලාලන්නේ ඔය තිබෙන පරිසර සංවිධාන පොජ්ජවල් දින පොජ්ජවල් කෝන පොජ්ජවල් මේ හැමකක්‌ ම මන්දො කරන්අන කැවිල්ලන්ව උණු දිය රච්ච කැවිල්ලනවා සිත් පොජ්ජට සතුට මන්දො කරල එතැනින් හමාර කරනවා. (මම දන්න විදියට ඔය තිබෙන සංවිධානවලින් පරිසර දින සමරන්නේ අවුරුදු සමරන්නේ කෑම කන, මත්පැන් පානය කරන සාද පවත්වල. මෙතනින් එහාට යන්නේ නෑ එතැනින් නතර කරනවා.) ඔය පොජ්ජවල් තමයි වෙන්නේ.. අඩු තැනින් මේ වැඩ පොඡේජ මංගච්චන්න ඕනෙ පෙර පාසල් පොජ්ජෙන්. පෙර පාසල් කැකුලන් ගේ තමයි හින් පොජ්ජට ලා බච්චන්ට ඕනේ. මේ වගේ කෝන පොජ්ජට මංගච්චපු මිනිස්‌ ගජ්ජුන්ට කතා දමල කොදුයි. හූරට කෝන පොජ්ජ පනහමක්‌ නම් මේ පනහමෙන් තිස්‌ පොජ්ජක ඉඳ තිබිල රුකං පොජ්ජ පටාරිනව. ගල් පොජ්ජත් පටාරිනවා. වැලි පොජ්ජෙත් විකුණුම් පොජ්ජට පටාරිනවා. මේ පරිසරපොජ්ජට විනාශ කරන හැම විනාශ පොජ්ජක්‌ ම මන්දො කරනවා. මේ මන්දො කාල මැච්ෙච් කරුකුරු ගැච්චුම කොඳුයි. මේ ඇත්තන්ට එතැනින් මන්දො කරගත් ලාභ පොජ්ජ ගැනයි හිත්ලාල තිබෙන්නේ. රුකං පොජ්ජ ආරක්‌ෂා කරන්න කතා දැම්මට රුකං පොජ්ජ මුල තිබාපු ඉරුම් පොජ්ජ මන්දො කරපු මිනිස්‌ ගජ්ජෙක්‌ ගණන් පොජ්ජයි කතා දමන්නේ. (අඩු ම වශයෙන් මේ පරිසරය ආරක්‌ෂා කරන වැඩ පටන් ගන්න ඕනේ පෙර පාසලෙන්. පෙර පාසලේ කුඩා දරුවන්ට පරිසරය ගැන උගන්වන්න ඕනේ. අපි වගේ වයස්‌ගත වූ මිනිස්‌සුන්ට පරිසරය ගැන උගන්වල වැඩක්‌ නෑ. කෙනෙකු ගේ වසය අවුරුදු පනහක්‌ නම් එයා ගේ වයසෙන් අවුරුදු තිහක්‌ ම කරල තිබෙන්නෙ ගස්‌ කපල පරිසරය විනාශ කරල තිබෙන එකයි. වැලි ගොඩ දාල විකුණන එකයි, ගල් කඳු කඩල විකුණපු එකයි. ඒ නිසා ඒ අය ගේ සිතේ තිබෙන්නේ පරිසරයෙන් ලබන ලාභය ගැන විතරයි. ලක්‌ෂ ගණන්වලින් ලබන ලාභය ගැන විතරයි.) ලා කැකුළෙ පරිසර පොජ්ජට ආදරෙයි. මෙතැනට විනාශ පොජ්ජ මන්දො කරල කොඳුයි. කෝන පොජ්ජ මන්දො කරපු මිනිස්‌ ගජ්ජු පරිසර පොජ්ජට ෙද්‍රදහි පොජ්ජ මන්දො කරනවා. ලා කැකුලො ෙද්‍රදහි පොජ්ජ කොදුයි. මේ සංවිධාන පොජ්ජවල් තිබෙන්නේ ආදායම් මාර්ග මන්දො කරන්ගන්න විතරයි. පරිසර පොජ්ජ ආරක්‌ෂා පොජ්ජ මන්දො කරන පරිසර සංවිධාන පොජ්ජක්‌ මේ ඇත්තන් ගේ අයිරු කුලට මන්දො වෙලා කොඳුයි. (කුඩා ළමයි පරිසරයට ආදරෙයි. පරිසරය විනාශ කරන්නේ නෑ. වයස්‌ගත වූ මිනිස්‌සු පරිසරයට ෙද්‍රදහිකං කරනවා. කුඩා ළමයි ෙද්‍රදහිකං කරන්නේ නෑ. මේ සංවිධාන කරන්නේ ආදායම් මාර්ග සොයා ගන්න එක විතරයි. පරිසරය ආරක්‌ෂා කරන සංවිධානයක්‌ මට ඇහැ ගැහිලා නෑ.) මේ ඇත්තෝ මේ කාල මැච්ච් රටවල් හතමකට මං ගච්චල තිබෙනව. මේ ඇත්තො ස්‌විස්‌ටර්ලන්තයට මංගැච්චුව, මාස පොජ්ජ එකමක්‌අ හිටිය. කඳු පොජ්ජවල මං ගැච්චුව. මල් පොජ්ජ තිබෙන ඉඩමකට මංගැච්චුව, රෝසමල් වර්ග පොජ්ජවල් පන්සියමක්‌ තිබෙනවා. ඒ ඇතුල් වෙන තැන කරුකුරු ගච්චල තිබෙනවා මේ තැනට ඇතුළු වෙන හැම මිනිස්‌ ගජ්ජෙක්‌ ම කළුකොමන්ත වටාපු හූරෙක්‌. මේ පුරා මංගැච්චුවත් හැම කෙනෙක්‌ මං ගැච්චුවත් කළු කොමන්ත වටාපු හූරෙක්‌ ගෙ බල පොජ්ජක්‌ තිබෙනවා. මිනිස්‌ ගජ්ජෙක්‌ මල් පොජ්ජක්‌ පටඇර ගත්තොත් එවෙලේ ම අත්අඩංගුවට මන්දො කරගන්න තොපන්ට අයිති පොජ්ජ තිබෙනවා. මේ ඇත්තන්ටත් අයිති පොජ්ජ තිබෙනවා. ඒ වගේ නීති පොජ්ජවල්වල තිබෙනවා. මේ ඇත්තන් ගේ අයිරුකුලට මන්දො කෙරුවා. (මම මේ කාලය තුළ රටවල් 7කට ගිහින් තිබෙනවා. මම ස්‌විට්‌සර්ලන්තෙට ගියා. මාස එකක්‌ විතර එහි හිටියා. කඳු නැග්ගා, මල් වතුවලට ගියා. ඒ මල් වතුවල රෝසමල් වර්ග පන් සියයක්‌ විතර තිබෙනවා. මල් වතුවලට ඇතුළු වෙන තැන ලියා දන්වල තිබෙනවා මේ තැනට ඇතුළු වෙන හැම කෙනකුට ම ආරක්‌ෂක නිලධාරියකු ගේ බලයක්‌ තිබෙනව කියල. මම ඇතුළු වුණත් මේ මහත්මය ඇතුළු වුණත් කොයි කවුරුත් ඇතුළු වුණත් ආරක්‌ෂක නිලධාරීන් ගේ බලයක්‌ තිබෙන නිසා කවුරු හෝ මලක්‌ කැඩුවොත් අත්අඩංගුවට ගැනීමේ බලයක්‌ තිබෙනවා. ඒ වගේ නීති තිබෙන්නෙ ඕනේ.
ප්‍රශ්නය -  මේ ඇත්තන් ගේ කැකුළ කාල මැච්ච මතක පොජ්ජ තිබෙනවා ද?

ඌරුවරිගේ කොච්චන් බත්තා - මේ ඇත්තො කැකුළ කාලෙ මැච්ෙච් රුකුල් පොජ්ජ කොඳුයි. කැළෑ පොජ්ජෙ මංගච්චනව. අද දවසේ පොජ්ඡේ ඇත්තෝ කැළෑ පොජ්ජට මංගැච්චුවම කැකුළ කාල මැච්ෙච් මතක පොජ්ජ මංගචච්පුවාම මාම කුච්චක්‌ සුවඳ තැනක්‌ කාල මැච්ච මංගච්චනව මේ ඇත්තන්ට තේරුම් පොජ්ජක්‌ නෑ. ඒ වගේ සතුටු තැනින් මන්දො වුණා ඒ කාල මැච්ෙච්. කැළෑ පොජ්ජට මංගැච්චුපුවම ගොංගොටුගෙඩි පොජ්ජ කොට වරකා ගෙඩි පොජ්ජ කොටා බානවා, උල් කන්ද ගෙඩි පොජ්ජ කොතලංග ගෙඩිපොජ්ජ මේ වගේ ගෙඩි පොජ්ජවල් මේ ඇත්තො කැවිල්ලාප. අම්මිලා ඇත්තො මොකහරි පුච්චකඩල කතා දමනවා. හවස්‌ කාල මැච්චි තමයි රුකුල් පොජ්ජට මංගච්චන්නෙ. ඒ වගේ ජීවන පොජ්ජ මන්දො වෙන්න හොඳ වගේ පරිසරය පොජ්ජක්‌ තිබෙව්ව. අද කොයිබට මංගැච්චුවක්‌ කඩ පොජ්ජවල් මහපාර පොජ්ජවල් මිනිස්‌ ගජ්ජු හිත් පොජ්ජට නිදහසක්‌ පොජ්ජ කොඳුයි. මේ ඇත්තො කොයිතැන කතා දැම්මත් නිදහස්‌ පොජ්ජ කොඳුයි. (මම කුඩා කාලේ ගෙදර නෙවි වැඩි කාලයක්‌ ගත කළේ කැළේ. අදත් මට කැළෑවට ගියා ම කුඩා කාලේ මතක සුවඳ දැනෙනවා. කැළෑව ඇතුළට ගියාම ගොංගොටු ගෙඩි, ගඩාගෙඩි තමයි වැඩිපුර කෑවේ. අම්ම මොනව හරි උයල කතා කරනවා. ඒව කාල නැවතත් කැළේට යනවා. හවසට තමයි ගෙදර එන්නේ. ඒ වගේ සතුටින් ජීවත් වුණේ හොඳ පරිසරයත් තිබුණ නිසයි. අද දවසේ ඒ වගේ හොඳ පරිසරයක්‌ දකින්න නෑ. සෑම තැන ම ගොඩනැඟිලි මං මාවත් මිනිස්‌සු නිකරුණේ ඇවිදිනවා. ඉතිං මම හැම වෙලේ ම මේ පරිසරය ආරක්‌ෂා කරගන්න කටයුතු කළත් කවදා ඉටු වෙයි ද කියන එකයි ගැටලුව.

සාකච්ඡා කළේ ගුනේ අය්යා
ඡායාරූප පැනි මූනා
විශේෂ ස්‌තූතිය ශ්‍රී ලංකා අපට සOගමය
 

1 comment:

prasanna86k said...

මොනා වුනත් නියම සාකච්චාව...