Tuesday, October 11, 2011

සද්ද බද්ද..........කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න

සද්ද බද්ද..........කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න

සාමන්‍යයෙන් සද්ද බද්ද දාලා කරන දේවල් ගොඩක් තියන නිසා අද අදහස් කලා ටිකක් සද්දෙට වැඩක් දෙන්න..හැබැයි ඉතින් සද්දේ අඩු කරලා එහෙම කියවන්න වෙයි හොදේ... අපේ අයගෙ කැමැත්තක් තියෙනවනෙ කරන ඒවා කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න ... ඒකත් වරදක් නෑ ඉතින් හැබැයි ප්‍රෂ්නේ තියෙන්නේ වැඩේ සද්දේ වැඩි උනාම පස්සේ සද්දා කම්පා වෙන්න සිද්ධ වෙන නිසාය....
දවසක් අල්ලපු ගෙදර අOකල් හොදටම  දාලා බැන බැන යන කොට අපේ අය්යා කිව්වේ ඔය යකාගේ බොරු සද්දෙ විතරයි කියාය...... හැබැයි ඉතින් ගුනේ අය්යාට නම් ඔය සද්ද බද්ද අල්ලන්නේ නැතිය...  දවසක් පාටියකදී වෙරී වුනු අයෙක් කීවේ වැඩිය සද්ද දාන්න එපා කියාය..... පසුව ඇසුනේ ඩෝO පටොO ගාන සද්දයකි ඒ ඉතින් පොර කන සද්දෙනේ... පස්සේ  ඇහුනේ මෙහෙමය තමුසේ සද්දේ වහලා හිටියොත් හොදයි කියාය.
අල්ලපු ගෙදර නOගී හරිම සුන්දරය ඇයට ඉදහිට මම සු....සු....කියා පොඩි සද්දයක් ඉදහිට දමමි... ඇයද එවිට සද්ද බද්ද නැතිව එලියට බසී.. ඇය එන මග ඈගේ අම්මා බලා සිටියොත් සද්ද පූජාව සුවර්ය...
පන්සලේ ඝන්ටාරය සද්දය පිට කරන වස්තුවකි. ඒ අතර බෙර හේවිසී හොරනෑ යනාදිය සබ්ද පූජාව සදහා යොදාගනී... ඉතින් අම්මපා බලන්න එපෑයෑ පෝය දාට තියන සද්දේ ඉතින් අපි කියන්නේ සද්දේ නේ....කියාය. ජන්ද කාලෙට අපේ ගමේ සද්ද බද්ද වැඩිය...ඒ සද්ද පීකරය නිසාය ඉතින් අපට නම් සද්ද කාරය නිසා කරදරය...
අපේ රටේ සද්දෙට හදන කෑමත් ඇත ඒ නම් කොත්තුවය... සිOහලෙන් කියනවා නම් ඒ සද්ද බද්ද දාලා හදන කොත්තු රොටියය...

2 comments:

Gayan Rupasinghe said...

කියල තියෙන ටික කියල තියෙනවා හරියට අටපට්ටමේ දඩිබිඩිස් වගේ..


ජය..

Unknown said...

Thanks...