Saturday, October 15, 2011

මාරයා යනු මාර බඩුවක්ද.... එහෙනම් මරේ මරු...

අද මාරයා ගැන ටිකක් කතා කරන්නට ගුනේ අය්යට සිතුනාය. ඒ ඉතින් මාරයා යනු මාර බඩුවක් නිසාය. සමහරු තරහා ගිය වෙලාවට කියන්නේ මගේ මාරයා අවුස්සගන්ට ඒපා කියායා. ඒ ඉතින් තරහා ගිය වෙලාවටනේ. ඉතින් අප දන්නා පරිඩි මාරයා යනු කිසිම හිතක් පපුවක් නැති පොරක්ය. ඒ ඉතින් මාරයගේ හැටිනේ.
කාලයකට අපේ ගමට එන මාරයෙක් ඇත ඌ ඩෙoගු මාරයාය. ගෙවල් දොරවල් පිලිවෙලට තබා නොගත හොත් මේ මාරයාගෙන් බේරෙනවා බොරුය. ඇනෙක් මාරයා සිගරට් මාරයාය. දස බිම්බර මාර සෙනගටවත් බය නැති අපේ උන්ට නම් සිගරට් මාරයා ගැන කිසිම ගානක් නැත.
ඡන්ද කාලයට අපේ ගමට තවත් මාරයෙක් ගොඩ බසියි ඒ පොස්ටර් මාරයාය. පොස්ටර් මාරයා මේ හැම මාරයෙකුටම වඩා බයානක බව ගුනේ අය්යාට නම් සිතෙ. තවත් ලැග්ජා නැති මාරයෙක් ඇත ඒ ඒඩ්ස් මාරයා සභයත්වය,සංවරකම,සංස්කෘතිය අගයන අපේ මේ දේශයේ දිනෙන් දින,වසරින් වසර ඒඩ්ස් මාරයන් වැඩිවන බවට ගුනේ අය්යාට නම් හැගෙන්නේ. එකත් මාරයි ඇ
අපේ තාත්තා දවසක් මාර වැඩක් කලේය. ඒ අල්ලපු ගෙදර අoකල්ට මාරයා කියා බැන වැදීමයි... එවිට අල්ලපු ගෙදර මාර  දුවනි‍ය ඉදලත් අරන් ආවාය. ඒ ඉතින් මරු ඇවිස්සිලාය. දැන් ඉතින් මාරයාගේ හෝරාව අලබී ඇත.. මරේ මරු දැන් අපට මරු ගේමක් බලාගත හැකිය. අනේ මොන මරුද.... තාත්තා කියු මරු කතාවක් නිසා මාර දුවනිය ආපසු දිව්වාය... ඒ ඉතින් මගේ මාරයා අවුස්ස ගන්න එපා කියාය...
බුදු දහමේද මාර දිව‍ය පුත්‍රයා ගැන සදහන්වේ. දුසී නම් මාරයෙක් ගැනය  කෙසේ වෙතත් බුදු හිමි නම් මාර පරාජය කලබව අපට පැහැදිලිය හැබැයි කාමලෝකයටම අධිපති වන්නේ මාරයා බව අමතක නොකළ යුත්තකි. නමුත් නිර්වාණය අවබෝධ කර ගැනීමේ මාර්ගයේ යන අපිට බාධා කරන එක්තරා පුද්ගලයෙක් තමයි පාපී මාරයා”.
මාරයි නේද........

5 comments:

දේව් ගේ අඩවිය said...

මාරම මාරයි ඇ....

Dude said...

මාර පෝස්ට් එක ඈ. තව මාර ගස් වලට එහෙම කියන්නේ ඇයි කියන එකත් මාර ප්‍රශ්ණයකි. තව කොමෙන්ට් එකක් දාන්න කෙ‍ටුවාම අලුත් වින්ඩෝ එක ඇරී මාර ජයමරයක් වෙන්නේ ඇයි කියා සොයා බලන්නේ නම් කොමෙන්ට් දාන අපිට මාර උදව්වකි.
henryblogwalker the Dude

රතු මුහුද said...

මොකෑ මේ ගුනේ අයියට මාරය මතක් උනේ..කොමත් පරිසමින් පාරේ තොටේ ඇවිදින්න ඕන මොඅකද මාර බඩුනේ දැන් ඉන්නේ....

ඔබ නොදු‍ටු ලොවක්..... said...

මාරයිනේ !!!!!

මම මම මයි said...

මාරම මාරයි ඇ