Tuesday, October 18, 2011

”රෙද්ද පල්ලෙන් වැටේ 'අයිබං' කටේ නරිවන්දම්..”

අද අපි ටිකක් රෙද්ද ගැන කතා කරමු …….

රෙද්ද කියන්නේ අපේ විලි වසා ගැනීමට බාවිතා කරන විෂේෂ ඇදුම් විසේසයකි. අපේ තාත්තා නම් කියන්නේ අපි ගමේ රෙද්ද බැනිය ඇන්ද මිනිස්සු කියාය. හැබැයි සම හරක් බීපු වෙලාවට රෙද්දද නැතුව යන එන බවද ගුනේ අය්යා දනී. සමහරු නම් කියන්නේ වි කෙයා ඔල්වෙය්ස් කියාය ඒවිට. අපේ අය්යා නම් කියන්නේ ආච්චිගේ රෙද්ද තමයි අපේ සල්ලි ඉවරයි කියාය.
අපෙ ගමේ චන්ඩියා සිරිපාලයාය ඌට අහක යන රෙද්දක් උවද කම් නැත. දවසක් උගේ තරහා කාරයකුට සිරිපාලයා නෙලුවේ සුලු දිය පහර රෙද්ද පල්ලෙන් බෙරෙන්නටය හැබැයි ඒ වෙලාවට රෙද්ද උස්සා බැලීම ගද ගහන ටොයිලට් ඒකකට අත දැමීම හා සමානය.. නමුත් ඉතින් සිරිපාලයගෙ  කෙරුවාව රෙද්ද පල්ලට ! ගියෙ ගමට බට අලුත් චන්ඩියා නිසාය. සිරිපාල ඒවිට රෙදි නැතුව මුලු ගම වටා දිවු බව තමයි ආරන්චි. ඔන්න ඉතින් කල පවු පල දෙන විට කගේ කාගෙත් රෙදි ගැලවෙනවාය.
දවසක් අපේ නැන්දා සමූපකාරයට ගියෙ  රෙද්දක් ගැනීමටය. අනේ නැන්දගේ කරුම‍යට රෙදි ඉවර වී ඇත නැන්දා අපට කීවේ සමූපකාරෙ අහක්වෙලා රෙද්ද අහක්වෙලා කියාය…
ඇපේ සීයා කියන්නේ ”රෙද්ද පල්ලෙන් වැටේ 'අයිබං' කටේ නරිවන්දම්..” කියාය. ඒ ඉතින් සීයට තරහා ගිහාම නොවැ. ආච්චීටද රෙද්දක් ඇත ඒ ආච්චිගේ රෙද්දය නැතුව ඉතින් සාරිය ඔසරිය රෙද්ද හැට්ටය ආච්චි අදින්න ඇයි………
විහිලුවටවත් නොකල යුතු දෙයක් ඇත එ අහක යන නයි රෙද්ද අස්සේ දමා ගැනීමය..
මේ ඉතින් රෙද්ද සම්බන්ද කවියකි...

රෙද්ද ඇඳගෙන යන්නෙ හරියට.
බද්ද ගැහුවා කලක මෙන්.
උස්ස උස්සා බැන්ද යුරු දෙක.
ඉද්ද ගැහුවා විලසකින් ...