Friday, October 7, 2011

මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ........

මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ........

බස්සා වනාහී කිරී බී වැඩේන සතෙකි. ඌ හරි කීකරු සතෙකි. ඌ තුමු තාල වර්ගයට අයත් ගස් වල පමනක් නොව ලැග්ග හැකි ඕනෑම ගසක ලගියි. අපේ ගෙදරට උඩින් ගෙදර බස්සකු හැමදාම කෑ ගසයි. ඌ කෑගසන විට අපේ තාත්තා කියන්නේ අදත් අර පිස්සු බස්සා කෑ ගහනවා කියාය... අම්මානම් කියන්නේ බස්සා කෑ ගහන්න හොදනෑ කියාලාය. දවසක් අපේ අය්යා තාත්තාගේ රේසරයෙන් හොරෙන් රැවුල බෑ විට තාතා ඌට  මූ කලo බස්සා යයි බැන වැදුනාය. ඇත්ත වසයෙන්ම බස්සා මේ තරම් සාමාජයට ලැදි සත්වයෙක් බව මා දැන ගත්තේ අහම්බෙනි. ඒ මම 4 වසර පන්නියේ සිටින විටය. අපේ ස්කෝලේ ලොකු අය්යා කෙනෙක් දවසක් කොට ඇදුමක් ඇදගෙන ගිය අක්කෙකුට නoගී තව ටිකෙන් ඔයාගේ බස්සා පේනවා යයී කීවේය. ඇත්තම කියන්න මට තවම ඒක තේරුනේ නැත. හැබැයි ඉන් මට හැගුනේ බස්සා යනු අපට ප්‍රයෝජනවත් සතෙක් කියාය. බස්සා හූම් හූම් කියයි. බලන්න ඉතින් , හුනෙක් චක් ගෑවොත්, බස්සෙක් කෑගැහුවොත්, කෑරළා හඬලෑවොත් අම්මා සිත්නනේ  එය යහපත් නොවන දෙයක් ලෙසය. ... එවිට තාත්තා කියන්නේ තමුසේගේ කටට වැඩියෙන් නම් එය සෝයි කියාය. දවසක් අපේ ලොකු ස්කෝල මහත්තයා මට තැලුවේ මොකද බොල බස්සෙක් වගේ හම්ම්ම්........ ගාන්නෙ කියාය. ඇයි යකෝ සර්ට හම්ම් කියන්නේ නැතුව බවු බවු කියන්න යැයි මට එහෙම හිතුනට කිව්වේ නැතිය ඒ මොකද කියනවනම් මොකටද නිකO අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ කියා සිතුන නිසාය. තවත් දවසක් අපේ ගනන් සෑර් මට ගානක් වැරදුන විට ඇසුවේ බස්සෙක් වැහිලද තොට කියාය? මම ගත් කටටම කිවේ නෑ ඔය කියන බස්සෝ යක්කු එක්ක මගේ වැඩි ඇයි හොදැයියක් නෑ නේ කියාය. මට මතක හැටියට සර් මට ගැසුවේ නැත. තවත් දවසක් කෙල්ලෙකුට ලවු ලෙටර් එකක් අම්මාත මාට්ටු වූ විට තාත්තා මට පැවසුවේ ඔය කෙල්ලෙක් යාලු කර ගන්න හැටිද බූරු බස්සා කියාය.. ආ මට කියන්න බැරි උනාය ඒ අපේ යාලු බස්සා ගැනය ඌ නම් රියල් බස්සෙකි. ඔනෑම බලු වැඩක් කර බස්සෙකු වගේ බලා ඉන්නා නිසා අපි ඌ හදුන්වන්නේ බස්සා කියාය. දේශපලනයටත් අවනම්බුවක් මෙහෙම මූකලන් බස්සෝ දෙශපලන වේදිකාවලට නග්ගන එක යැයි දවසක් ටිවී එකේද කියනු මා අසා ඇත. ඒ නම් බස්සන්ටද අපහාසයක් බව මට හැගේ..............

3 comments:

dream boy said...

බස්සෝ ගැන හොද දැනුමක් තියනවා වගේ ..

Anonymous said...

ela ela,,, niyama post ekak

ඔබ නොදු‍ටු ලොවක්..... said...

අර අයියා කියපු කථාවනං එළ.....බස්සෝ ඉන්නේ ගුලිවෙලා නේ .....