Wednesday, January 25, 2012

මේ උත්තරමද ඔයාලා හිතුවේ....(18 +)



එක වසරේ ජිල් පිට් කොලු ගැටයකුගෙන් පන්ති භාර ගුරු තුමියට පට්ට කරදරේලු පොරව 3 වසරට දාන්න කියලා. මේ නිසා ගුරුතුමිය ගුරුතුමිය මේ මැරෑටි කොල්ලව විදුහල් පති ගාවට අරන් ගිහින් තියනවා මේ පොබ්ලම් එක සෝල්ව් කරන්න..

මොකද ලමයා මිස්ට කරදර කරනවා කියන්නේ
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ ඒ වුනාට මට ෂුවර් එයාට වැඩියේ මගේ මොලේ වැඩියි කියලා
විදුහල්පති : හරි මම දැන් ඔය ලමයගෙන් ප්‍රෂ්න ටිකක් අහනවා ඒ හැම එකටම හරි උත්තරේ දුන්නොත් 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩිඩා : හරි මම කැමතියි.
විදුහල්පති: 3 X 3 කීයද?
පොඩිඩා : 9 ‍යි
විදුහල්පති: 6 X 6 කීයද?
පොඩිඩා : 36 ‍යි
විදුහල්පති: මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගනුම ලබන්න දැනුම ඇති මිස් අපි මෙයාව 3 ට මාරු කරමු...
ගුරුතුමිය: හ්ම්.. ඒත් සර් අවසර දෙනවා නම් මම කැමතියි තව ප්‍රෂ්න කීපයක් මේ ලමයගෙන් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති: කමක් නෑ අහන්න අහන්න...
ගුරුතුමී: එල දෙනෙකුට හතරක් තියන මට දෙකක් තියන දෙය මොකක්ද?
පොඩ්ඩා: කකුල්
ගුරුතුමී: ඔයාගේ කලිසම ඇතුලේ තියන මගේ සාරිය ඇතුලේ නැති දේ මොකක්ද?
පොඩ්ඩා: සාක්කු
ගුරුතුමී: පිරිමි අය හිටගෙන කරන, ගෑනු අය වාඩි වෙලා කරන බල්ලෝ කකුල් තුනෙන් කරන වැඩේ මෙකක්ද?
විදුහල්පතිතුමා දෑස් ලොකු කරගෙන බලා සිටියි.
පොඩ්ඩා: අතට අත දීම
ගුරුතුමී: හරි මම දැන් තේරවිලී කීපයක් අහනවා ලෑස්තිද?
පොඩ්ඩා: හරි
ගුරුතුමී: ඔයා ඇගිල්ලක් මා තුලට යවනවා. හැබැයි ඔයාට මාව ඇති උනාම ඔයා මාව ඇගිල්ලෙන් ඉවත් කර ගන්නවා, මම කවුද?
පොඩ්ඩා:කසාද මුද්ද
ගුරුතුමී: මම එක එක ප්‍රමාන වලින් තියනවා මම ලෙඩ උනාම මගෙන් දියරයක් ස්‍රාවය වෙනවා, මම කවුද ?
පොඩ්ඩා: නහය
ගුරුතුමී: F අකුරෙන් පටන් අරගෙන K අකුරින් අවසන් වන ගොඩක් උනුසුම අන්තර්ගතදේ කුමක්ද?
පොඩ්ඩා: FIREWORK
ගුරුතුමී: F අකුරින් පටන් ගන්න K අකුරින් ඉවර වෙන මේ දේ නොලැබුනොත් ඔබට අත පාවිච්චි කරන්න වෙනවා
පොඩ්ඩා:FORK
ගුරුතුමී: ඔබටත් එකක් තියනවා, විදුහල්පති තුමාටත් එකක් දියනවා, පාප් වහන්සේ තමුන්ගේ එක පාවිච්චි කරන්නේ නෑලු. විවාහ වෙන කාන්තාවන්ට එකක් ලැබෙනවලු. ඒ මොකක්ද?
පොඩ්ඩා: වාසගම
ගුරුතුමී: මිනිසා සතු මෙහි කිසිම අස්තියක් නෑ. නමුත් විශාල ප්‍රමානයක් නහර තියනවා. ආදරය කරන අයට මේක නැතුවම බෑ..ඒ මොකක්ද
පොඩ්ඩා: හදවත
ගුරුතුමී: හරි සර් මමත් ප්‍රෂ්න අහලා ඉවරයි.
විදුහල්පති: අම්මෝ ඇති අන්තිම ප්‍රෂ්න 10 මම හිතපු උත්තරත් වැරදියි. මේ ලමයව 3 වසරට නෙමේ විශ්ව විද්‍යාලෙට දාන්න ඕනේ...
 සැ. යු:- උපුටා ගැනීමකි...


මේකත් කොටලා ඇඩ් එකක් කොටලා සප් එකක් දෙන්න..


5 comments:

කල්ප said...

ෆට්ටා ආ එල එල මමත් හිතුවේ වැරදි උත්තරනේ බං හික් හික්..

මාධව විදුරංග said...

maarai bn! mageth uththara seerama waradie! :D :D

පිස්සා පලාමල්ල said...

දස්ස කොල්ලෙක්

පිස්සා පලාමල්ල said...

දස්ස කොල්ලෙක්

Unknown said...

මාර කොලුවෙක් නේ.....