Friday, March 9, 2012

කාන්තාවන්ට සැමියෙක්, බබාට පියෙක්, තාරුන්‍යට නොනිදන රැයක්, වැඩිහිටියන්ට සුරා ජයක්



ගරු සOගයා වහන්ස, පිය තුමනි, දරුවනි, දැරියනි, මා හිතැති රට වැසියනි..
2012.04.01 දින පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරනය සදහා නාම යෝජනා බාර දීමට මමද තීරනය කලෙමි..ජාතික නායකයකු ලෙසද ජාතිමාමකු ලෙසද විටක වෙඩි කෑ ඌරකු ලෙසද ජනතා හදවත් තුල සදා ලැගුම් ගන්නට සමත්වීම මම ලද බාග්‍යක් ලෙස සලකනවා.. තවද දගම් පාසල් ශිෂ්‍ය නායකයකු ලෙසද, ගමේ සුපතල චන්ඩියකු ලෙසද නායකත්ව කුසලතා මනාව ඔප් නOවා ගෙන තිබෙන මා දේෂපාලනයට පිවිසෙන්නේ බඩ වඩා ගැනීමට නොවන බව ඔබ හොදාකාරවම දන්නවා ඇති තවද කටුනායකට නව ජවයක් නිවහල් එලියක් ලබා දීමට බලා පොරොත්තු වෙනවා.. ගමේ සුරා පොල වැට්ලීමේ කාර්යයට උර දීම. සහ හොර සුරා ව්‍යප්ත වීම වැලැක්වීම සදහා ඒ සියල්ල මා නිවසේ සුරක්ෂිතව තැම්පත් කිරීම හා මාගේ පරිහරනයට ගැනීමෙන් ගෘහ ආශ්‍රිත ප්‍රෂ්න ගනනාවක් විසදීමට මට හැකි විය..
තවද මා පහත දෑ ඔබගේ අවදානය සදහා යොමු කිරීමට කැමැත්තෙමි
01. වසර 2 ක් ඇතුල තුල කුඩා ලමුන් 1221 ක් වඩා ගත්තෙමි..
02. වසර 5 ක් ඇතුල තුල වෙහෙර විහාර 84000 ගෙඩ නැගූ අතර ඒ අවස්තාවලදී මල් වට්ටි 840 පූජා කෙලෙමි...
03. වරින් වර පැවති දේෂපාලන රැස්වීම් වලදී ප්‍රතිවාදී දේෂපාලකයන්ට කරටි කැඩීමට පහර දුනිමි..
04. පාලම් බෝක්කු බඩවැටි බෝවිටි සහ නිවාස 100 ව්‍යාපෘතිය සදහා ඉහල නායකත්වයේ දෑත ශක්තිමත් කලෙමි..
05. වසර 30 ක් තිස්සේ පැවති දේෂපාලන යුද්දය තුරන් කොට ප්‍රතිවාදී අපේක්ෂකයා මෙලොවින් තුරන් කෙලෙමි..
06. ක්‍රියාශීලී අනාගත පරපුරක් දායක කිරීමට සක්‍රියව දායක උනෙමු.. කොටින්ම ජාතියේ ජාතක පියා වීමට හැකිවුනෙමි..
07. තාරුන්‍යට නොනිදන රැයක්, වැඩිහිටියන්ට සුරා ජයක්, කාන්තාවන්ට සැමියෙක්, බබාට පියෙක් යන වැඩ සටහන් තුලින් ග්‍රාමීය ජනතාවගේ සමාජීය තත්වය උසස් කිරීම තුලින් සමාජය තුල නොනැසෙන නමක් තබා ගතිමි

එබැවින් ඉහත කටයුතු සලකා බලා මාගේ ජනතාව සේවය අකන්ඩව පාරිශුද්දව පවත්වා ගෙන යාම සදහා ඉදිරි සය වසර සදහාද මා පලාත්සබාවට පත්කර සිටිමි. තවද මාගේ අවOක නිකැලැල් සේව‍යට ඔබගේ නිහතමානී ආචාරය හරකා ඉදිරියේ අO9 ඉදිරියේ ඔබේ බයානක කතිරය ගසා මා නැවත පත් කරන ලෙස ඉල්ලා සිටිමි..

මීට
ඔබේ අවOක සේවක


..........................
ගුණේ පුතා
(කටුනායකට යෝද ශක්තියක්)


.ලි ‍:- 
යාලුවනේ පහත තියන වෙබ් ලින්ක් එකත් මගේ නමුත් මේකෙන් ඔය ගොල්ලන්ට අවශ්‍ය ලෙටර්ස් කොපි කර ගන්න පුලුවන් මේකටත් ගොඩවෙලා ඇඩ් එකක් ක්ලික් කරලා මටත් උදව්වක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා... ඇඩිස් මයි ඇඩිස් කියන තැනට යටින් ඇති..

මෙන්න ලින්ක් එක

බොහෙම ස්තුතියි
ගුනේ අය්යා 

4 comments:

neel said...

අනිවාර්යෙන්ම දෙන්න තමයි බලන් ඉන්නේ..එන්නකො

මාතලන් said...

මරු පෝස්ට් එකක්. අදයි මේ පැත්තේ ගොඩ උනේ

Nishan de siva said...

ඔය වගේ ගොඩක් අය විල මැද බංගලාවේත් ඉන්නවා

වර්ණා said...

හිහි පට්ට පට පට