Sunday, June 26, 2011

දෙරන තුල තුඹසයා

ගුනේ අයියා ඉතින් සති අන්තය යොදා ගන්නේ සුබ වැඩ වලටනේ. ඉතින් එක්තාරා  සුබ ඉරිදාවක මවු තුමිය එහෙම නැති සුබ මූර්තයක් එහෙම බලලා අවතුදුස්වක තිතියෙන් බාලව කරනයෙන් උතුරු දිසාව බලලා දකුනු කකුල තිබ්බා විතරයි. ටොමියා කම්පට ගහලා අචාර කලා. නෙදකින් මූටත් ඕන නැති ජිල් බෝලයක් නැහැ. බල්ලගේ හත් මුතු පරම්පරාවම මතක් කරපු ගුනේ අයියා ඒ බල්ලන්ට පින් දුන්නේ ටොමියා වගේ බුරු බල්ලෙක්ව ජාතක කරන්න ලබා දුන්න දායකත්වය ගැන කුතක්නතාව පල කරන ගමන්, ඌත් පාරට ගිහිලා අන්ඩ උස්සලා ගුනේ අය්යටත් කුතක්නතාව පල කරන්න අමතක කලේ නැහැ.
ගුනේත් ඉතින් පාරට බැස්සේ ටොමියගේ සාටරේ ගැනත් හිත හිත. මලා මේ එරා මලයා නේද? එරා කියන්නේ ගුනේ අය්යාගෙ ඕනම වැඩකට ඉරාගෙන බකප් එක දෙන  සිරා පොරක් තමයි. ගුනේ අයියයි එරා මල්ලියයි ඉතින් ඇවරියවත්තේ පබ්ලික් බෝක්කුව ගාවට සෙට් උනේ අපත සන්ගමයේ මහ සභා රැස්වීමටනේ. සිප්පියා සුන්දරී පාත්තරේ සමාවෙන්න න්‍යය පත්තරේ  අතේ තියාගෙන වට පිට බලනවා. කවුරුත් නැ වගේ හැබැයි සභපති විදියට ඌ නම් අපත සOගමයේ ඕනම කුනු ගොඩක් එකෙන්ම අදිනවා. ගන පූරනය මදි. (ඝන පූරනය කියන්නේ කෝරම් එක හරිය )
සිප්පියා පැනි මූනට කතා කලේ ඝනපූරනය සපුර ගන්ඩ. හෙලෝ පැනි මූන කිව්වා විතරයි. එහා කොනින් අනේ මගේ කුක්කු පැටියා උම්මා ඔයා මාව බලන්න එනවද? කීයටද සුදූ ඇයි මට ...... නොකලේ පැනි මූනලාගේ ආච්චි ලොහ් ලොහ් කියකිය කියනවා. ආච්චි හිතලා තියෙන්නේ ආච්චිගේ පරන ලවු එක සීයා කියලා. හනේ අම්මපා පරන ලව එහෙම කියපු සිප්පියා පෝන් එක කට් කලා.
එක පාරටම සද්දයක්
සරස් බරස් සර බරස් සස් සස්
සරස් බරස් සර බරස් සස් සස්
දෙරන තුල තුඹසයා_ තුඹස තුල නාගයා
විසඝොර සර්පයා    _ දැක නෑර මෝඩයා

සැ:යු :- ඉතිරි කොටස ලබන සතියට..............

1 comment:

Anonymous said...

ඉතිරු ටික දාපං