Friday, July 22, 2011

ජිල් එක සහ බුම් එක රැගෙන ඒමට කරුනික වන්න

තවද ආතල් නැත්තවුන්ගේ ආතල් වඩනට නිසිවු තවත් බහුබූත කතාවක් දක්වන්නමෝ යම් සේ ගුනේ අය්යා අපත සOගමයේ සභාපතිව වෙසෙන කල්හි චාටර් නැමැති විෂම මග නොදැන, ආතල් නැමැති ඉදුරා මග දැන පිස්සු පීකුදු විකාර වීම අරඹයා මේ විනෝද චාරිකා වස්තුව දක්වම්හ.

සියලු දෙනාගේම දැන ගැනීම පිනිසයි
සියලූ අපත සOගමයේ ක්‍රියා කාරී වාසීන්ගේ වාර්ෂික විනෝද චාරිකාව මෙම මස එනම් 2011.07.31 ඉරිදා දින උදා පැය 10.30 ට ලබන්නවු අවතුදුස්වක තිතියෙන්ද, බාලව කරනයෙන්ද, අපේ පොට් එක වන පබ්ලික් බෝක්කුව අසලින්  ගමන් ආරම්බ කිරීමට සියලු කටයුතු හිරිකිතයකින් තොරව සූදානම් කර ඇති බව චාරිකාවට සහභාගී වන බුවාලා බුවීලාට මේයින් දැනුම් දෙනු ලැබේ..
තවද මේ සදහා සහභාගි වන්නන් නිර්වස්ත්‍ර වස්ත්‍රය හැර ඕනෑම නා නා විද වස්ත්‍රයන්ගෙන්ද නෙක නෙක පැහැයන්ගෙන්ද සැරසී පැමිනීම අනිවාර්ය බව කාරුනිකව සලකන්න.
තවද ජාතක කතා, රස කතා, අබ්ලික් කතා, සාටර් කතා, (මල පනින කතා හැර ) මෙකී නොකී සියලු කතා බතා වලින් සන්නද්ධව පැම්නෙන ලෙස සකල බුවී බුවීලාගෙන් ගුනේ අය්යා ඉල්ලා සිටි.
චාරිකාව රසවත් හරවත් කිරීම සදහා තබ්ලා, ඩොල්කි, උඩැක්කි, සර්පිනා, බටනලා, සැක්සපෝන් යනාදී අනේක විද මදුර්ය ඕනෑම වාද්‍ය බාන්ඩයක් රැගෙන ආ හැකී අතර ( ජිල් එක සහ බුම් එක  රැගෙන ඒමට කරුනික වන්න )
තවද බවලත් බුවා බුවීලාට සමාවෙන්න බුවීලාට දිවා අහාර කිස පිලියල කිරීමට සිදුවන බැවින් හට්ටි, මුට්ටි, මූඩි ඇතිලි, කලගෙඩි, ගුරුලේත්තු, බෙලෙන්ඩර්, අවන් ඇතුලු සියලු මුලුතැන්ගේ උපකරන  රැගෙන එන ලෙස ගුනේ අය්යා බෑගෑපත්ව ඉල්ලා සිටියි. තවද හිරමන තලය ගුනේ අය්යා සෑපයීමට කටයුතු කරන බැවින් පොල් ගා ගැනීම ප්‍රෂ්නයක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටිමු.
පරන අවුරුද්ද සදහා ස්නානය කිරීම චාරිකාව අතරතුර යෙදෙන සුබ නැකතින් කිරීමට කටයුතු සම්පාදන‍ය කර ඇති බැවින් බවලත් සියලු දෙනාම චීත්තය බැගින් රැගෙන ඒමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි. පිරිමි පාර්ෂවය චීත්ත රැගෙන ඒම අවශ්‍ය නොවන අතර ඔබගේ ජොකා පටය රැගෙන එන ලෙස කරුනිකව ඉල්ලා සිටිමි. තවද චීත්ත නැති අයට ගුනේ අය්යාගේ චීත්තය සමාවෙන්න ජොකා පරිහරනය    කල හැකි අතර බවලත් පාර්ශවය සදහා ජොකියෙක් ගුනේ අය්යාට නැති බව කරුනාවෙන් සලකන්න. (ඔනම නම් ජොකා දෙන්නම් හරිය..)
තවද දුම් දැමීම, මල් ගැසීම, අබින් කෑම, හෑන්ස් දැමීම, සහ සෑර සුවදයන් මුවින් වහනය කිරීම සපුරා තහනම් බවද, විස්වස වන්ත එක් අයකු පමනක් සහභාගි කරවා ගැනීමට හැකි බව සOවේගයෙන් උවද දැනුම් දීමට සිදුවන බව කාරුනිකව සලකන්න.  

ස්තුතියි
මීට සභාපති
අපත සOගම‍ය


....................
ගුනේ අය්යා.

සැ.යු:- චාරිකාව අතර තුර සිදුවන සියලු අපබ්බ්‍රOශ වාර්තාකර ගැනීමට ඔබගේ කෑමරාව රැගෙන එන ලෙසද Oන් එකේ තබා ගන්නා ලෙසද ඉල්ලා සිටිමි...  

1 comment:

නාකියා said...

චාරිකාව යෑමට මමද එන්නෙමි.අතුල්ලන්න අතුල්ලන්න සද්දෙ එන ,කරේ තියන් ගසන එක (වයලීනය) ගැසීමටද කෙනෙකු කැටුව එමි.සීට් බුක් කල මැනව.ඒත් මේ ගු‍නේ අප කැටුව යන්නේ කොයිබද?? ම්..ම්...