Tuesday, October 4, 2011

ලක්ෂ වාරයක් ජීවම් කල කෝල සෙලෙස්මා යන්ත්‍රය පල දින්න..වශී වශී වශී

..................වශී වශී වශී වශී.............

ඔබ සිත් තැවුලෙන්ද? කනස්සල්ලෙන්ද? පෙම්වතා අසාදාරන ලෙස ඔබ මග හරීද? දෙමව්පිය උරුමකම් නොලැබේද? සතුරන් ගෙන් ඔබට කරදරද?

මහා විස්කම් කල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිවසට පැමින කර දෙනු ලැබේ.

01. ඔබ්ගේ පුතා හෝ දුව O/L පේල්ද ලක්ෂ වාරයක් ජීවම් කල කෝල සෙලෙස්මා යන්ත්‍රය පල දින්න ගස්තුව 1500/= ජීවම් කිරීම නොමිලේ කරගෙනු ලැබේ
02. ඔබගේ සැමියා පර අබුවන් කරා යයිද, ඔබට ඔහුව මේච්චල් කර නාස් ලනුව දමා ගැනීමට අවශ්‍යද, මැන්ලින් මොන් රෝගේ කෙස් ගහකින් සකස් කරන ලද මහා මොනරී කේශ ගන්ද වශිය. වරක් පාවිච්චිකර බලන්න සැමියාගේ හොර කොටු පැනීම අයතා සම්බන්ධකම් වලට අත් දුටුයි ප්‍රත්යක්ෂයි
03. ඔබගේ සෙනසුරු අපලයට සෙනසුරු දෝෂ වලට හිමාලයේ කාක නිල් ගල් යොදා සකස් කල මහා නේරන්ජනා මුද්ද, පැලදීමට සුබ මුහුර්තයද සමග.. ගාස්තුව  රු 2500.00
04. ඔබගේ පෙම්වතා ඔබව මුලා කරයිද? ඔහුගෙන් ඔබට සිත් රිදීම ඇතිවේද? 1,008,000 වාරයක් ජීවම් කල මහා ප්‍රේම බoග තෙලය.. සත් මහලින් එපිට සිටියත් සක්වල ගලෙන් එපිට සිටියත් මූද පාලාගෙන අහස ගුගුරුවාගෙන ගෙන්වා දෙමි... රාත්‍රි 7.37 පසු අමතන්න....
05. ඔබ සැමියාගේ බීමත් කම නිසා පීඩා විදියිද? සිගරට්, අරක්කු, කoසා, අබින්, කුඩු, බීඩි ඔනෑම මත් ද්‍රවයක් වරු තුනෙන්, දවස් තුනෙන්, මාස තුනෙන්, අවුරුදු තුනෙන්, අවුරුදු තිහෙන් නවතා දෙමි. සැමියා මත්ද්‍රව්‍ය ගන්නා ස්ථානය දන්වා එවන්න කැවීම් පැන්නවීම් අවශ්‍ය නැත.
06. ඔබගේ රහස්‍ය කටයුතු සදහා පැමින මා හමු වන්න. රාත්‍රි 10.32 පසු අමතා දිනයක් වෙලාවක් වෙන් කර ගන්න. පැමින හමු වීම අගය කොට සලකමි..
07. රාජ වශී ඔනම රජෙකු විනාඩි 7 න් වශී කර දෙමි.. රජු ඔබ ඉදිරි පිට දන ගස්වමි... මහා රාජ දන්ඩ වශිය පලදින්න..

ඔබගේ දුක නිසාම උපන් මා ශ්‍රී ලoකික දසදහසක් ගනනසරන දරුවන් හට පිහිට් වුයෙමි. ඔබෙගේ කරනය ඉටු නොවුවහොත් මුදල් ආපසු.

සැමට පිහිටවූ මා
කටුනායක ගුනපාල ගුරුන්නාන්සේ
දේශ බන්දු, දේශ ශක්ති, මුලු දිවයිනටම සාම විනිසුරු
LICA, MAAT, Bsc (Kelaniya)

මෙම දැන්වීම ලොබනනයේ ගුරන්පියා විසින් ඔහුගේ කාරනාව ඉටු වූ බැවින් පින් තකා පල කරන ලදී....


...........................වශී වශී වශී වශී......................

4 comments:

Anonymous said...

what is the telephone no's

Anonymous said...

what is the telephone no's

අරුණ හෙට්ටිආරච්චි said...

ඒ ඒ ටි එකෙනුයි චාර්ටඩ් එකෙනුයි කැලණිය කැම්පස් එකෙනුයි දැන් ගුරුකම් වලටත් ඩිග්රි දෙන්න පටන් අරන්ද බන්.

Unknown said...

අම්බලමේ ඉස්සරහට ගුරුකම් කරලවත් ඕවා පාස් වෙන්න බැරි වෙනවා.. ප්‍රයිවට් ස්කූල්ස් ආවහම....

ගුනේ අය්යා