Monday, October 10, 2011

නිවනට යන තුරුම ඉපදෙමු එක කුසක......



රුහුනේ සිහල ලේ ඇති මිනිසුන්..............සිටින
සුන්දර කැටැන්විල මම හොද හැටි...........දන්න
ඉපදුන මගේ අය්යේ බුදු බව....................පතන
මේ උපහාර ගී මල් දම .....................පිලිගන්න

අම්මයි තාත්තයි හරියට .....................සිරියාවයි
සොහොයුරු සොහොයුරියේ එකවාගෙම .සමගියි
මේ පොඩි කැදැල්ලේ ලොකු පුතු ....බෝසතකුයි
ඔහු හට නම දැම්මේ මවු පියෝ .........ජයසේනයි

මලිදුව පාසලේ ඉගෙනුම ...................ලැබුවේය
පන්තියේ නායකත්වය ම්හු ................දැරුවේය
සම සිත සම මේතය කාටත් ................හිතවත්ය
ගුරුවරු මේ පුතුට සෙනෙහස ................පෑවේය

11 වසරේදී ඔහු ලියු .............................විභාගය
කවුරුත් සිතූ සිතූ පරිධි ඉහලින් ..........සමත්විය
වැඩිපුර ඉගෙන ගන්නට සිත .............අකමැතිය
රැකියාවට පැමිනියේ .....................කටුනායකය

පලමුව කේටරින් ග්‍රොවෙනා ..............සමාගමේ
සේවය කලත් හිත තිබුනේ ඔහුගේ ............ගමේ
හැම මසකම පියා වෙත මුදලක් .............යැවුමේ
සිරිතක් ඔහුට තිබුනේ වඩමින් ...............ප්‍රේමෙ

නිසිකල පැමිනි විට සිදු උනේ ...............විවාහය
ඔහු අත පතා ආ "මැණිකේ" ................උඩරටය
ගානට උස මහට ඇති ඈ ....................ලස්සනය
"දියුනුව" රැගෙන ඇය පති ගෙට .............ආවාය

කරදරයක්, දුකක්, නෑ මේ .............කැදැල්ලෙහි
ජීවත්වුනේ මේ දෙදෙනා ................නිදැල්ලෙහි
රන්, මිනි, දියනියන්, "සම්පත්" පුතා ..........බිහී
වූ පසු ඉහලටම ආවා .......................දියුනුවෙහී..

වෙනසක් නෑ හැමට සැලකුවේ එක ..........ගාන
අමතක කලේ නෑ කලගුන ..............සලකන්න
"මනුලොව" මිනිහෙකුට ලැබෙනා ලොකුම.පින
හිමි වුන ම්හුට අත්තෙක් ........................වන්න

නොසිතූ විලස ඔහු වත් නො සිතුව ..........දිනක
බිරිදයි, දුවයි හා "දොඩමින්" සිටි ..............විටක
"මනුලොව" සිටින කාලය නිම වෙලා ........දැක
මේ සත් ගුන වතා දෙව් ලොව වැඩි ...........සේක

දුක් වී වැඩක් නෑ සසරේ හැටි ...................මේක
ඉපදුන හැමම මියයයි යම් කිසි ...................දාක
අය්යන්ඩියේ පිවිතුරු පැතුමකි .................මේක
"නිවණට” යන තුරුම ඉපදේමු එක .........කුසක

2011.08.01 දින පරලෝ සැපත් වූ මාගේ දයාබර පියානන් වහන්සේට් නැන්දාගේ ආචාරය මෙලෙස පුද කල වගයි
කවි රචන‍ය:- H M සීතා මැණිකේ හේරත්
                     දීකිරි කෑව
                     කුරුනෑගල

4 comments:

Anonymous said...

මළ ගෙදර තිබ්බේ අකුරැස්සෙද ? කැටන්යිල , මලිදුව මම ඉන්න තැනට ගොඩාක් ලඟ නිසයි ඇහුවේ.....
නිවන් සුව පතමි.

Unknown said...

කටුනායක...තාත්තාගේ මහ ගෙවල් කැටැන්විල කඩපිල කිට්ටුව....

අරුණ හෙට්ටිආරච්චි said...

තාත්තාගේ ගුණ නන්ද ලියන විදියට ලිව්වේ, පුතා විදියට ලියන්න අදහසක් නැද්ද?

අරුණ හෙට්ටිආරච්චි said...
This comment has been removed by the author.